Gossip

“ෆේස්බුක් නම දඟයා..” – මාතරම හඬවමින් අමානුෂික ලෙස එල්ලවූ පිහි පහරින් අවසන් ගමන ගිය උසස් පෙළ සිසුවාගේ ඝාතනයේ සුළමුල හෙළිවෙයි – වීඩියෝ

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුන් තිදෙනෙකු විසින් තවත් පාසල් සිසුවෙකු ඝාතනය කළ පුවත ගැන දැන් රටම දන්නවා.

ඊයේ (24) දහවල් පෞද්ගලික උපකාරක පංතියක් අවසන් වෙලා නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසකට යතුරුපැදියකින් පැමිණි තවත් සිසුන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබුණා.

පහරකෑමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් සිසුවෙකු රෝහලට රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ විදිහට අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ තිහගොඩ ප්‍රදේශයේ පදිංචි මාතර ප්‍රධාන පෙලේ පාසලක 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

සිද්ධියෙන් තුවාල ලැබු අනෙක් සිසුවා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටිනවා.

මීට පෙර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ආරවුල ඇතිව තිබෙන බවයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම පිහි ඇණුම සිදුකළ සිතිජ සිසුවාගේ මුහුණුපොතේ නම දඟයා ලෙස දමා තිබෙන අතර බොහෝ දෙනෙක් මෙම සිද්ධියට ඔහුට සටහන් තබමින් බැන තිබෙන අයුරුද අපට දැකගන්නට ලැබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!