Gossip

“ඇත්තටම මට දුකයි.. අපි හැමදේකටම මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕනේ” – දෙවැනි ඉනිමේ චූටි මැණිකේ දුකෙන් ඉන්න හේතුව මෙන්න

දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල ඉන්නේ හරි දුකෙන්. එ මොකද කියලා හැමෝම දන්නවානේ. සමල්කා මෙහෙණියක් වුණානේ. එ් ගැන වගේම ඇගේ අලූත් තොරතුරු ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? දෙවෙනි ඉනිම රූගත කිරීම එක්ක තමයි වැඩි හරියක් කාලය ගත වෙන්නේ.

අලූත් වැඩ කටයුතු මොනවාද?
අලූ‍තෙන් නම් මම කිසි දෙයක් භාර ගත්තේ නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතු එක්ක පොඞ්ඩක් අමාරු නිසා දෙවෙනි ඉනිමත් එක්ක විතරයි මම රංගනයෙන් දායක වෙන්නේ. හැබැයි photoshoot, modling show වගේ දේවල් මම භාර ගන්නවා. ඒවා තමයි අලූ‍ත් වැඩ. රඟපෑමෙන් අලූ‍ත් දෙයක් නැහැ.

කොහොමද අධ්‍යාපන කටයුතු?
මම A/L කරන්න ඉන්නේ.

මුලින්ම ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?
මම දෙරණ 2017 අවුරුදු කුමාරි තරඟයට සහභාගිවෙලා පළමුවැනි ස්ථානය ලබා ගත්තා. ඊට පස්සේ මම ලක්සිරි සර් හරහා දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හම්බ වුණා.
ඒක තමයි මගේ පළමුවෙනි නිර්මාණය. ගොඩක් සතුටුයි” දෙවෙනි ඉනිම වගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච එක ගැන.
දෙවෙනි ඉනිම වගේ ඉතාම ජනප‍්‍රිය ටෙලි නාට්‍යයක චරිතයක් වෙන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. පළමුවැනි රංගනය ඒක කියලයි මම හිතන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තාත්තා නැහැ.
අයියයි අම්මයි තමයි ඉතින්. ඒ දෙන්නා කොයිවෙලාවෙත් පස්සෙන් ඉදන් උදව් කරනවා.
අම්මා නම් හැමතැනටම එනවා. අයියත් එහෙමයි. මගේ තියෙන වැඩ සමබරව කරගන්න මට ලොකු සහයෝගයක් දෙනවා.

රංගන කේෂ්ත‍්‍රයට පිවිසිලා කොච්චර කාලයක් වෙනවාද?
අවුරුද්දක් විතර වෙනවා.

දෙවෙනි ඉනිමෙ චූටි මැණිකෙට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
අම්මෝ ඒක නං එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
මං හිතන්නේ ඒ චරිතය මිනිස්සුන්ට දැනිලා තියෙනවා. මට ඒ ගැන හරිම සතුටුයි. මොකද මගේ පළමුවැනි රංගනය වගේම ශලනිත් එක්ක බලනකොට හාත්පසින්ම වෙනස් චරිතයක් චූටි මැණිකේ කියන්න.
ඒ වගේ චරිතයකට පණ පොවලා මෙච්චර ප‍්‍රතිචාර ගන්න පුළුවන් වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මම ලොකු දෙයක් කරලා තියෙනවා කියන එකයි.
ඉතින් මට ඒ ගැන සතුටුයි. අදටත් චූටිමැණිකේට තියෙන ප‍්‍රතිචාර අඩුවෙලා නැහැ.
යන තැන හැමදාම කියන්නේ අනේ අඬන්න එපා. ටිකක් හයියෙන් කතා කරන්න. දැන්නම් පොඞ්ඩක් හයියෙන් කතා කරන්න වගේ දේවල් කියනවා අඩුයි. ඒ වගේ ප‍්‍රතිචාරත් තමයි චූටි මැණිකේට ලැබෙන්නේ.

සැබෑ ජීවිතේ චූටි මැණිකේට වඩා ශලනි ගොඩක් වෙනස්ද?
වෙනස් කියන්නේ කතාබහින් තමයි ලොකුම වෙනස තියෙන්නේ. නැත්නම් නම් වෙනසක් නෑ. චූටි මැණිකේ වගේ පොඩි දේටත් හිත රිද්ද ගන්න කෙනෙක් මම.
වෙනස තමයි චූටි මැණිකේ කතා කරනවා අඩුයි ඒක තමයි එකම වෙනස.

අධ්‍යාපනය රංගනයට බාධාවක් වෙන්නේ නැද්ද?
බාධාවක් කියන්නේ සමහර වෙලාවට බැලන්ස් කරගන්න අමාරුයි.
පාන්දර වැඩ හම්බවුණහම බැලන්ස් කරගන්න ටිකක් අමාරුයි. හැබැයි ඉතිං පුළුවන් තරම් හැමදේම හොඳින් කරනවා.

වෘත්තීය විදියට රංගනය තෝරගන්නවාද?
ඉස්සරලාම කියන්න ඕනෑ මම fashion design කෙනෙක් වෙන්න තමයි කැමැති.
එහෙමයි කියලා රංගනය අතහරින්න කැමැති නෑ. මේ දෙකම බැලන්ස් කරගෙන හොඳින් කරන්න තමයි මගේ ලොකුම ටාගට් එක.

ඒ කියන්නේ දිගටම රඟපානවාද?
ඔව්. හැමදේකම නෙමෙයි නිතරම වගේ දකින්න නොලැබෙයි. හොද වැඩක් හම්බවුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නවා.

තෝරලා බේරලා ද රඟපාන්නේ?
ඔව්. අනිවාර්යයෙන් අදටත් තෝරලා බේරල තමයි වැඩ කරන්නේ. ගොඩක් මට ඇරයුම් ලැබෙනවා. අධ්‍යාපන කටයුතු නිසා තමයි ටිකක් නැවතිලා තියෙන්නේ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා.

ක්ෂේත‍්‍රයට එන්නේ රංගන ශිල්පිණියක් විදිහට ද?
මම ඉස්සරලාම එන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. ඊට පස්සේ තමයි මම රංගනයට එන්නේ.

සිනමාවට ආරාධනා ලැබෙනවා ද?
ආරාධනා ලැබෙනවා. හැබැයි ඉතිං ඔක්කොම කරන්න ඕනෑ කියන තැන මම නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා.

වේදිකාව ගැන මොකද හිතන්නේ?
මම කැමැතියි.

වේදිකාවට ආරාධනා කළොත් භාර ගන්නවාද ?
අනිවාර්යයෙන් කියන්න බැහැ. හොඳ තීරණයක් ගන්නවා. අකමැත්තක් නැහැ හැමදේම අත්හදා බලලා අත්දැකීම ලබාගන්න ආසයි.

රංගනය විශේෂයෙන් හදාරලා තියෙනවද? නැහැ.
ඉදිරියට හදාරන්න අදහසක් තියෙනවාද? අදහසක් තියෙනවා. රංගන වැඩකටයුතු එක්ක හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

නිරූපණය ගැන ඔයාට තියෙන්නේ මොන වගේ අදහසක් ද?
හැම ක්ෂේත‍්‍රයේම හොඳ නරක තියෙනවා. ඒක රංගනය හෝ නිරූපණ ක්ෂේත‍්‍රයේ හෝ වේවා වේදිකාව හෝ වේවා හැම ක්ෂේත‍්‍රයකම දෙපැත්තක් තියෙනවා.
අපි දැනගන්න ඕනේ මොකද්ද හොද නරක කියල තෝරා බේරාගෙන වැඩ කරන්න. හැම වැඩකම ඉන්න ඕනෑ කියලා හිතල වැඩකරන්න ගත්තහම අපිට වරදිනවා. අපි ඉන්න ඕනෑ හරි විදිහට. මම අදටත් නිරූපණ කේෂේත‍්‍රයේ වරදක් දකින්නේ නැහැ.
රඟපාන්න කැමැති මොනවගේ චරිතයද? මට අභියෝගයක් වෙන ඕනෑම චරිතයක්.

ක්ෂේත‍්‍රය ගැන මොකද හිතන්නේ?
හොඳයි. හරි වෙනසක් තියෙනවා. දෙවෙනි ඉනිම කණ්ඩායමත් එක්ක ගත්තම හරිම විනෝදයි.
ලංකාවේ ජනප‍්‍රියම ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න ලැබීම මගේ වාසනාවක්.

සමල්කාගේ සමු ගැනීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම දුකයි. ඉතින් මම හිතන්නේ මට වුණත් ඒක වෙන්න පුළුවන් දෙයක්.
අපි හැමදෙයකටම මුහුණ දෙන්න බලා ගෙන ඉන්න ඕනෑ. අන්තිමට එයා කළ රංගනයෙනුත් නාට්‍යයට ලොකු එළියක් ලැබුණා.
ඛේමා කියන මෙහෙණින් වහන්සේගේ චරිතය. ඒකත් එක්තරා පැත්තක් පෙන්නුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!