Gossip

ළාබාල රුවට රැවටිලා වයස අවුරුදු 42ක කාන්තාවක් විවාහ කරගන..මුහුණු පොතෙන් අමාරුවෙ වැටුනු 29 හැවිරිදි තරුණයා..විස්තරය මෙන්න

විවාහ වෙලා අවුරුදු 4කට පස්සේ තමන්ගේ බිරිඳ වයස අවුරුදු 42ක කලින් විවාහක කාන්තාවක් බව හදිස්සියේ දැනගත්ත 29 හැවිරිදි තරුණයා දැඩි කම්පනයට පත්වෙලා තමන්ට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍යයි කියලා මාවතගම පොලිසියට පැමිණිලි කළ සිද්ධියක් වාර්තා වෙනවා.

විදේශගතව රැකියාවක් කළ කාන්තාව රූපයෙන් ලාබාල රූමත් පෙනුමක් ඇති බවත් ඇය හා ෆේස්බුක් හරහා ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය පසුව ඇය මෙරටට පැමිණි පසු ඇය හා ඔහු විවාහ වෙන තැනට පත්ව තිබෙනවා. ඔවුන් වසර 4 ක කාලයක් සතුටින් ගත කර තිබෙන අතර අහම්ඹෙන් ඇය කලින් විවාහක කාන්තාවක් බව ඔහු දැනගන්නවා.

29 හැවිරිදි තරුණයා තම බිරිඳ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයාබලනකොට ඔහු දැනගන්නවා ඇයට වයස 42 ක් බවත් ඇයට දාව 28 හැවිරිදි විවාහක දියණියක් සහ 12 හැවිරිදි පුතෙකු සිටින බව.

තමන්ව මුළා කළ බිරිඳ ගැන කලකිරීමට පත් තරුණයා මේ පිළිබඳව මාවතගම පොලිසියේ කාන්තා කාරයාංශයට පැමිණිලි කර ඇයගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව ප්‍රකාශකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!