Gossip

හෙට රජයේ නිවාඩු දිනයක් බව කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

අද දෙරණ නාමය අවභාවිතා කරමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය වන බව වාර්තා වනවා.

ඒ හෙට (29) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට ප්‍රචාරය කරන ලද කෙටි පණිවිඩයක්.

මෙය සාවද්‍ය ප්‍රවෘත්තියක් බවත් එහි දී අද දෙරණ (adaderan.lk) නාමය අවභාවිතා කරමින් මෙම සාවද්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කර ඇති බවත් අද දෙරණ ප්‍රවෘත්ති අංශය නිවේදනය කරයි.

අපගේ කීර්ති නාමයට හානි කරමින් ‍සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැ‍වටෙන ලෙස අද දෙරණ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් හෙට දිනය සාමාන්‍ය වැඩ දිනයක් බවට මහජනතාව වෙත දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!