Gossip News

හිස්වැසුම් නොමැතිව යතුරු පැදියේ ගිය සිසුවා, ටැක්ටරයේ ගැටි අවසන් ගමන් යයි..

තෙලිකඩ පොලිස් වසමට අයත් මැදවල රෙජ්ජිපුර මාර්ගයේ ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය අසලදී ඊයේ (08) ට‍්‍රැක්ටර් රථයක ගැටුණු යතුරු පැදියක් අසල කොන්ක‍්‍රට් කණුවක ගැටී සිදුවූ අනතරින් පැදිකරු ජීවීතක්‍ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි තෙලිකඩ පොලිසිය පවසයි.

එම අනතුරින් ජිවීතක්‍ෂයට පත්වී ඇත්තේ රත්ගම උඩුමුල්ල  ගනේගොඩ පදිංචි ඉෂාන් කාලිංග ශාත්න කුමාර නැමැති ගිංතොට මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් ආරක්ෂක හිස් වැසුම්ද නොමැතිව සිට ඇති අතර උපකාරක පන්තියකට සහභාගිවී නිවසට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද පොලිසිය පවසයි යතුරුපැදිය ට‍්‍රැක්ටර් රථයේ පසුපස කොටසේ ගැටී මාර්ගය අසල කොන්ක‍්‍රීට් කණුවක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර පැදිකරු එම ස්ථානයේදීම ජිවීතක්ෂයට පත්වී තිබේ එක් තුවාලකරුවකු බරපතළ තුවාල ලබා ඇත සිද්ධිය සම්බන්ධයෙන් ට‍්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ට‍්‍රැක්ටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!