Gossip News

පහළොස් හැවිරිදි දැරියට අතවර කළ නරුමයා

වේයන්ගොඩ ප‍්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවකට අතවර කළ මල්කෝන ප‍්‍රදේශයේ පදිංවි විසිපස් හැවිරිදි තරුණයෙකු වේයන්ගොඩ පොලිසිය විසින් 06 දා අත්අඩංගුවට ගෙන ඇති අතර දූෂණයට ලක්වූ දැරිවිය වෛද්‍ය පරීක්ෂණ සදහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු මෙන්ම අතවරයට ලක්වූ දැරිවිය මල්කෝන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දෙදෙනා අතර පැවති පේ‍්‍රම සම්බන්ධතාවක් දුරදිග යාමෙන් තරුණයා විසින් දැරිය අතවරයට ලක් කොට ඇති බවත් සිද්ධියෙන් පසු සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

සැකකරු 07 දා ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අතවරයට ලක් වූ බව කියන ශිෂ්‍යයාව වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටත් පොලීසිය කටයුතු යොදා තිබුණි.

වේයන්ගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් පේ‍්‍රමරත්න, උප පොලිස් පරීක්ෂක පත්මසිරි යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!