Gossip

හිරේ ඉන්න පියවරුන්ට එක දවසකට දරුවොත් එක්ක ඉන්න නිදහස දීලා – ගොඩක් අය ජීවිතාන්තය දක්වා සිරගතවුණු අය

තාත්තා කෙනෙක් කියන්නේ දරුවන්ගේ ජීවිතේ තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනෙක්. ඒවගේම තමයි තාත්තා කෙනෙක්ට දරුවෙක් තරම් වටින කිසිදෙයක් මේ ලෝකේ නැහැ.

අපි මේ කියන්න යන්නේ ඇමෙරිකාවේ මිචිගන් නුවර සිදුවුණු අපූරු හමුවීමක් ගැන.

හැබැයි මේ හමුව සංවිධානය කෙරුණේ නිදහස් ස්ථානයක නෙවෙයි. ප්‍රධාන සිරගෙයක් තුළ.

මේ හමුව සඳහා සහභාගී වීමට අවසර ලබා තිබුණේ කාලයක් පුරා සිර දඬුවම් විඳින පියවරුන් පිරිසකටයි.

ඒ අනුව එහිදී ඔවුන්ට තම දුදරුවන් සමගින් එක් දවසක් නිදහසේ ගත කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මේ සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අය වීමයි.

ඒවගේම මේ ලැබුණු අවස්ථාව ඔවුන් කිසිදා නොසිතු දෙයක්.

මේ වැඩසටහන නම් කර තිබුණේ One Day With God නමින්.

ඉතින් මේ වීඩියෝව බලන තාත්තා කෙනෙක්නම් කවදාවත් වරදක් කරන්නනම් පෙළඹෙන එකක් නැහැ.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!