Gossip

හිතුවෙවත් නැති විදියට අද රෑ ඉන්ධන මිල වැඩිවෙයි

ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රියේ ෙඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර කොළඹ පැවති තවත් මාධ්‍ය හමුවකදී අමාත්‍ය සරත් අමුණුගම කියා සිටියේ ඉන්ධන මිල අනිවාර්යයෙන්ම වැඩිවන බවයි.

කෙසේ වෙතත් මීට පෙර ඛනිජ තෙල් සංස්ථාව ද නුදුරේදීම ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇතැයි වාර්තාවූවා.

මේ වනවිට එම සංස්ථාව පත්ව සිටින මූල්‍ය අර්බුදය සළකා මෙම තීරණය ගනු ඇති බවයි එම සංස්ථාවේ නිලධාරියෙකු කියා සිටියේ.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද ඉන්ධන මිල ගණන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවට වාර්තා පළවුණා.

මේ අතර මිල සූත්‍රය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවක්ද කැඳවා තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව ලබන අධික අලාභය සළකා අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් වත් ඉහළ දැමිය යුතු බවයි ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!