Gossip

හිටපු ජනපති මහින්ද අගමැති ධුරයට සම්පූර්ණ විස්තරය මෙන්න

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව සඳහන් වෙයි.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරු කීපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව ඇත.

‍මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලට මන්ත්‍රීවරුන් පැමිණෙමින් තිබෙන බව අප වාර්තාකරුවන් පවසයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී ගන්නා වු තීරණ පිළිබඳ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැනුම් දෙනු ඇති බව ද වාර්තා වෙයි.

එහෙත් ඇතුළත ගන්නා වු තීරණ පිළිබඳ කිසිවක් මාධ්‍යයට මෙතෙක් අනාවරණය වී නොමැත.

සමහර මැති ඇමතිවරුන්ගේ පාක්ෂිකයන් ද ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටින බව අප වාර්තාකරුවන් පවසයි.

‍එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවති විශේෂ සාක්ඡාවකින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ බව අද පස්වරුවේ නිවේදනය කළේය.

සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ බව අද දෙරණට දැනුම් දෙනු ලැබීය.

අදාළ තීරණය කථානයකවරයා වෙත යැවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!