Gossip

“හැම වෙලේම තරහ මූඩ් එකෙන් ඉන්නේ” – දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් රසික ආදරය දිනූ චූලක්ෂි රණතුංග යක්ෂ නායිකාවක් වෙයි – පුවත් මැවූ අමුතු කතාව මෙන්න

අන්තර්ජාතික ජයග්‍රහණ ලැබූ නිරූපිකාවන් අප රට තුළ සිටින්නේ අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයකි.
එ් පිරිසෙන් එක් ශිල්පිනියක ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වා දිය හැකියි. 2014 වසරේ Miss Sri Lanka කිරුළ දිනූ ඇය එ් වසරේ ලෝක රූ රැජන තරගය සඳහාද අපේ රට නියෝජනය කළ අතර 2017 වසරේ අන්තර්ජාතික නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබා මවුබිමට කීර්තියක් ගෙන දුන්නාය.
දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය මෙන්ම රංගන ක්ෂේත්‍රය තුළත් කතාබහට ලක් වූ දක්ෂ රංගන ශිල්පිනියක්.
ඉතා කුඩා කාලයක් තුළ කලා ක්ෂේත්‍රයට පිවිස තම හැකියාව සහ කැපී පෙනෙන රූ සපුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා සිටින ඇය මේ දවස්වල ටිකක් නපුරුවෙලා කියල අපට දැනගන්න ලැබුණා.
ඒ ගැන ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

චුලක්ෂි මොකද මේ දවස්වල තරහෙන්..
ගින්දරී -2 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුකරනවා. එහි නපුරු චරිතයක් කරන්නේ. හැම වෙලේම තරහ මූඩ් එකෙන් ඉන්නේ ඒ නිසයි.

ඒ නපුරු චරිතය ගැන කියමුද…
චෞද්‍රි කියන යක්ෂ නායිකාවගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. මේ චරිතයේ අන්තර්ගත වෙලා තියෙන්නේ සුන්දරත්වය පිටුපස තියෙන නපුරුකම සහ බියකරුබව යි.

චුලක්ෂි කලාවට එන්නේ නිරූපිකාවක ලෙසින්…
ඔව්. මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වී ජයග්‍රණය කිරීමෙන් පසුව නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වනවා. නිරූපිකාවක ලෙසින් වැඩකරමින් සිටිද්දී තමයි රංගනයට එන්නේ.

මතකයිද මිස් ශ්‍රී ලංකා වූ හැටි..
මිස් ශ්‍රී ලංකා තරගයට අයදුම් කළේ මගේ තනි කැමැත්තට. ඉන් පසුව රොසෑන් ඩයස් මහත්මියගේ පන්තිවලට ගිහින් නිරූපණය පිළිබඳව හැදෑරුවා. ඒ දැනුමත්, හැකියාවත්, ලස්සනත් බලපෑවා ජයග්‍රහණය කරන්න.

ඉන්පසුව අන්තර්ජාතික රූ රැජන තරගයටත් ඉදිරිපත්වුණා…
2014 වසරේ ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් වුණා.

ඉන්පසු ඔබ තවත් අන්තර් ජාතික ජයග්‍රහණයක් ලබනවා.
2017 වසරේ International Top model of the World Male and Female තරගයෙන් හොඳම නිරූපිකාව කිරුළ දිනා ගන්නවා. එ් තරගයට රටවල් 132ක් සහභාගි වුණා.

අන්තර්ජාතික සම්මාන ලැබූ නිරූපිකාවක වීමට රූපය පමණද බලපාන්නෙ..
නැහැ. ලස්සන වගේම බුද්ධිමත්කමත්, ඉදිරිපත් වීමත් ඇතුළු බොහෝ දේ බලපානවා.

ඔබ ක්‍රීඩිකාවක වීමත් ජයග්‍රහණයට හේතුවක් වූවා කියන්නෙ ඇත්තක්ද…
ඇත්තටම එයත් විශේෂ දක්ෂතාවක් වුණා. මම පැසිපන්දු ක්‍රීඩාවෙන් ජාතික මට්ටම දක්වා පාසල නියෝජනය කළ ක්‍රීඩිකාවක්.

පාසලේදි ග්‍රවුන්ඩ් එකේම කාලය ගෙව්වාලු නේද…
මගේ පාසල කුරුණෑගල මලියදේව බාලිකා විදුහල. පාසලේදී ක්‍රීඩා කළා වගේම අධ්‍යාපන කටය­ුතුත් හොඳට කළා.

නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට එන්නෙ කොහොමද..
රංගනයට ප්‍රවිෂ්ටවී දැන් අවුරුදු දෙකක් වෙනවා. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් තමයි රංගනයට පිවිසෙන්නේ. මේ වන විට චිත්‍රපට හතරක රඟපා තියෙනවා. මොහාන් නියාස්ගේ ශ්‍රී වික්‍රම, සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය සහ මේ දිනවල රඟපාන උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී -2.

ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැත්ද…
මම කැමැති සිනමාවට. චරිතාංග සිනමා නිළියක වීම තමයි මගේ බලාපොරොත්තුව. එහිදී ලැබෙන චරිතය ප්‍රධානද, අවශේෂද කියන එක මට වැදගත් නැහැ. මට ඕනෑ චරිතයක් ගොඩනගල පෙන්වන්න පුළුවන් විදිහේ චරිතයි.

සන්නාමවරියක ලෙසත් වැඩ කරනවා නේද…
ඔව්. ප්‍රසිද්ධ සබන් වර්ගයක බොඩි වොෂ් සන්නාමවරිය ලෙස කටයුතු කරනවා. මට ඕනෙ Fashion Icon එකක් වෙන්න. එහිදී මම චුලක්ෂි Brand එක නිර්මාණය කරනවා.

‘චුලක්ෂි බ්‍රෑන්ඩ්‘ එකට මොනවද ඇතුළත් කරන්නෙ..
රංගනයේදි තෝරා ගන්නා චරිත පිළිබඳව සැලකිලිමත් වීම, සමාජයට සේවයක් කිරීම, මා කෙරෙහි මිනිසුන් තුළ විශ්වාසයක් ගොඩනැගීම වගේ දේවල්.

කවුද මේ දේට සහාය දෙන්නේ..
මගේ අම්මා, ඉස්කෝලෙ අම්මා සහ අයියා. ඔහු දැනට රැකියාවකට විදෙස්ගත වී සිටිනවා. තාත්තා පසුගිය කාලයේ මිය ගියා.

අනාගත බලාපොරොත්තු..
කරන දේ හරියට කරලා හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!