Gossip

හැමෝගෙම කතාබහට ලක්වූ සුපිරි උපන්දින සාදයක් දුන් චන්දිමාල් සහ හසිනිව බැන්ඳ විශ්ව පෙරේරා දේශපාලනයට

චන්දිමාල් ජයසිංහ සහ විශ්ව පෙරේරා කියන්නේ දැන් කොයි කවුරුත් දන්න අඳුනන දෙන්නෙක්නේ.

චන්දිමාල්ව ඔබ හඳුනන්නේ ඔහුගේ සුපිරි උපන්දින සාදය නිසා.

මෑතකදී විශ්ව පෙරේරා ගැන කතාවෙන්න පටන් ගත්තේ හසිනි සැමුවෙල් කියන නිරූපණ ශිල්පිණිය සමග විවාහ ගිවිසගත් නිසා. ඒ වගේම ලංකාවේ විවිධ නිරූපණශිල්පිණියන් තේරීමේ තරඟවලට ඔවුන්ව යොමු කරන්නේ විශ්ව.

ඉතින් මේ දෙන්නා දේශපාලනයට පිවිසෙනවා කියලා හැමතැනම දැන් ආරංචියක් පැතිරෙමින් තියෙනවා.

චන්දිමාල් ජයසිංහ කොළඔ දිස්ත්‍රික්කය තුලින් ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප සටනට එනවා කියලා තමයි බොහෝ දෙනා පවසන්නේ.

ඒ නිසා චන්දිමාල් දැන් දැන් කාර්යබහුලයිලු.

විශ්ව මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව තමයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.

හැබැයි මෙි දෙන්නා ඉදිරිපත්වන පක්ෂය ගැනනම් තාම සඳහනක් නෑ.

කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා වෙබ් ගොසිප් අපි ඉදිරියට කියන්නම්කෝ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!