Gossip

“හැමදාමත් රෑ හීනෙන්, ඉස්සර වගෙ ළඟට එන්න… මතු භවයෙත් ඔබ මගේම, හද පතුලේ සෙනෙහෙ වන්න”

හිතට දැනෙන සංවේදී සටහන් වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් අපි නිතරම ගෙන එනවා.
මේ කියන්න යන්නෙත් ඒ විදිහේ දෙයක් ගැනයි.
තමන්ගේ ආදරණීය දියණියවත් තනිකරලා මෙලොව හැරගිය ස්වාමියා ගැන ලියවුණු සංවේදී සටහනකි මේ.

ඇස් පියාන ඔහොම ඉන්නෙ
එක පාරක් ඇස් අරින්න
සුදු මැණිකෙව කරේ තියන්
එක පාරක් අරන් යන්න…

මියෙනා තුරු ඉන්නව කියා
ඇයි ගියෙ ඔබ මා දමාලා..
දන්නෙ නැද්ද ඔයා නැතුව
මන් ඉන්නෙත් නැහැයි කියල…

තුරුලු කරන් වෙනද වගේ
නිදන්නෙ කවුරුද කියන්න
විහිලු කරලා මන් අඩවලා
හිනා වෙන්නෙ නැද්ද ආයේ

චූටි දූගෙ හුරතලේට
ආයෙත් එනවද කියන්න
ඔබ ගියාම කොහොමද මන්
ජීවත් වෙන් මට කියන්න…

හැමදාමත් රෑ හීනෙන්
ඉස්සර වගෙ ළඟට එන්න
මතු බවයෙත් ඔබ මගේම
හද පතුලේ සෙනෙහෙ වන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!