Gossip News

හලාවතටත් කොරෝනා යයි.. ආසාදිතයාගේ සමීපතමයන් සොයා මෙහෙයුමක්..

කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් හලාවත – අඹකදවිල ගම්මානයෙන් අද (08) දහවල් හමු වී තිබෙනවා.
හලාවත මහ රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 06 වැනිදා මෙම පුද්ගලයා පැමිණ තිබේ.
එම අවස්ථාවේ සිදුකරන ලද PCR පරීක්ෂණයක ප්‍රතිඵල අද ලැබීමෙන් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
ඒ වනවිට නිවසේ රැඳි සිටි අදාළ ආසාදිත පුද්ගලයා ව වහාම ගිලන් රථයකින් හලාවත මහ රෝහලට ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.
මෙම ආසාදිතයාගේ සමීපතමයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් අද දහවල් සිට අඹකදවිල සහ අවට ප්‍රදේශවල මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එම ආසාදිත පුද්ගලයා ප්‍රදේශයේ දේවස්ථානයක් සමග සම්බන්ධකම් පවත්වා ඇති අතර ඒ අනුව එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර සිටී.
ආසාදිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් එම අවස්ථාවට එක් වූ පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන් මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවද වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!