Gossip

“හදිසි නීතිය ඉවත් කරන්න එපා” – ආරක්ෂක අංශය රජයෙන් කරපු ඉල්ලීම මෙන්න

මහනුවර ඇතිවූ ජාතිවාදී ස්වරූපයේ ගැටුම්වල පරීක්ෂණ අවසන් වනතුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා තිබෙනවා.

ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සතිපතා රැස්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාතිවාදී ස්වරූපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම්වල පරීක්ෂණ 70%ක් පමණ අවසන් බවත් ඉතිරි පරීක්ෂණ කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක ප්‍රධානීන් මෙහිදී දැනුම් දී තිබෙනවා.

සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ ඒ සියල්ල අවසන් වන තෙක් හදිසි නීතිය පවත්වාගෙන යන ලෙස ආරක්ෂක ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!