Gossip News

“සෝදිසි මෙහෙයුම්වලදී අල්ලාගන්නා කඩු, කිණිසි සහ ගිනි අවි, ආයුධ මින් පසු පෙන්වන්න එපා” – රජයෙන් සිදුකළ දැනුම් දීම මෙන්න

රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු,කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද(09) උපදෙස් ලබා දී තිබෙනවා..

එම උපදෙස්වලට අනුව අදාල වැටලීම්වල රූප රාමු රැසක් අප සතුව පැවතියද රජයේ ඉල්ලීම අනුව ඒවා විකාශනය කිරීමෙන් වළකින බව කරුණාවෙන් සළකන්න.

අද උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් කැඳවීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා පියවර ගෙන තිබුණා.

එහිදී රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගුනු ලබන කඩු,කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද උපදෙස් ලබා දී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!