Gossip

සුරුපී විවාහක බැංකු කළමනාකාරිය සමග පෙමින් බැදුණු කෝටිපති ව්‍යාපාරිකයා..

බැංකු කළමනාකාරිනියක් වූ සුරූපී තම විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන වාහන සේල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු තියුණු අවිවලින් කපා කොටා ඝාතනය කිරීමට තැත්කොට සැගවී සිට පසුව අධිකරණයට භාර වූ තවත් කේටිපති වැලි ව්‍යාපාරිකයකු තුවාල ලත් කෝටිපති  ව්‍යාපාරිකයාට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවීමත් සිද්ධියේ ස්වභාවයත් සැලකිල්ලට ගත් මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල් මහවත්ත මහත්මිය එම කැපුම් සිද්ධියට සහභාගි වූ කෝටිපති වැලි ව්‍යාපාරිකයා සහ ඊට සහාය දුන් ඔහුගේ සගයා රුපියල් දස ලක්‍ෂය බැගින් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළාය.

ඇප නියම වූ කෝටිපති වැලි ව්‍යාපාරිකයා කොච්චිකඬේ වැලිහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ විවාහක බිරිඳ බැංකු කළමනාකාරිවරියකි. බරපතළ තුවාල ලත් කෝටිපති ව්‍යාපාරිකයා කොච්චිකඬේ ප‍්‍රදේශයේ වාහන සේල් හිමියෙකි.

වාහන සේල් හිමියා සහ බැංකු කළමනාකාරිය අතර අනියම් ඇසුරක් තිබී ඇත. මෙම සිද්ධියට අදාළ කෝටිපති වැලි ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයා අධිකරණය හමුවට ජ්‍යෙෂ්ඨ නීතීඥ නාලක ප‍්‍රනාන්දු මහතා මගින් භාර වූහ. එහිදී විත්තිය වෙනුවෙන් ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතීඥ නාලක ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු අනුව සැකකාර වැලි ව්‍යාපාරිකයා ඔහුගෙන් බරපතළ තුවාල ලත් වාහන සේල් හිමියාගෙන් තම බිරිඳ සමග පවත්වන අනියම් ඇසුර නවතා දමන ලෙසට ඉල්ලා සිටියත් පළක්වී නැත. විත්තියේ නීතීඥවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඡායාරූපවල තුවාල ලත් වාහන සේල් හිමියා බැංකු කළමනාකාරිය සමග අනියම් ඇසුර පැවැත්වීමේදී ලබාගත් පෙම් ඡායාරූප රැසක් ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ කෝටිපති වාහන සේල් හිමියා තම බිරිඳගේ නිවස වෙත යමින් සිටියදී මීගමුව මාත් පාරේ රැක සිටි සැකකරු සහ ඔහුගේ ගෝලයා විසින් වාහන සේල් හිමියා කපා කොටා පළා ගිය බව පැමිණිල්ල මෙහෙය වූ මීගමුව පොලිසියේ  නවරත්න බණ්ඩාර මහතා අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

දිවයින..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!