තරු හුට පට

සුමුදු ප්‍රසාදිනිට මංගල සීනු හැඬවෙයි…..

මේ දවස්වල කලා ලෝකයේ බෝහෝ නළු නිළියන්ට මංගල සීනු හැඬවෙන  කාලයක් වෙලා.

පසුගිය දවස්වල ධනංජය සිරිවර්ධන, සාරාංග දිසාසේකර සහ උමාලි යන අය විවාහ ජීවිතයට එක් වුණා කියලා කවුරුත් දන්න දෙයක්නේ.

ඉතින් එයාලා එහෙම විවාහ ජීවිතයට ඇතුළු වෙලා සිය ජීවිත අලුතින් පටන් ගද්දී. මේ දිනවල  නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න රූප සුන්දරියකටත්  මංගල සීනු හැඬ වී ඇති බව අපට දැනගන්න ලැබෙනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි.

දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයෙන් ජයග්‍රහණය කළ සුමුදු ප්‍රසාදිනිටයි මංගල සීනු හැඬවෙලා තියෙන්නේ.

අපට ආරංචි වෙන විදියට මේ දිනවල සුමුදු  මංගල ආරාධනා පත් බෙදනවාලු.

මේ මංගල උත්සවය අප්‍රේල් මාසයේ ගල්කිස්ස මහ හෝටලයේ පවත්වන්නත් සියලු කටයුතු සුදානම් කරලාලු තියෙන්නේ.

ආරංචියේ හැටියට සුමුදුගේ පෙම්වතා දක්ෂ  රගර් ක්‍රීඩකයෙක් කියලයි ආරංචිය‍.

ඒ කොහොම වුණත් දෙරණ වෙබ් ගොසිප් වෙතින් සුමුදු ප්‍රසාදිනිගේ විවාහ ජීවිතයට සුබ පතනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!