කොළඹ පිහිටි සුපිරි හෝටල් තුනක් සහ කතෝලික දේවස්ථාන තුනක් එල්ල කරමින් ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට හෙළිවී තිබෙනවා.
මේ බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.
කොටහේන – කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය ඉලක්ක කරගනිමින් පිපිරීම් තුනක් සිදුවූ අතර කොළඹ නගරයේ ප්‍රධානතම හෝටල් තුනක් වන ෂ්‍රැන්ග්‍රිල්ලා, කින්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් තුලද බෝම්බ පිපිරීම් සිදුවුණා.