Gossip

සුපිරි තරු පෑයූ දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණ රඟහලේදී හැඬ වූ හැටි මෙන්න – වීඩියෝ

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණ රඟහලේ දී අති උත්කර්ෂවත්ව පැවැත්වුණා.

ශ්‍රී ලාංකේය සිනමාවට වසර 71 ගතව තිබිය දී සිනමා රාජිණියන් උදෙසා පෙළගැස්වුණු දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල සඳහා 2017 වසරේ දී විකාශය වූ චිත්‍රපට 23ක් සලකා බැලුණා.

එහිදී ජුරිය විසින් සම්මාන 20ක් සහ ජනතාව විසින් සම්මාන 07ක් නිර්දේශ කර තිබුණා.

ආලෝකෝ උදපාදී, රන් සයුර, ප්‍රේමය නම්, සුළඟ ගිනි අරන්, කොටඋඩ එක්ස්ප්‍රස්, බන්ධනය, නිලංජනා, පැණි මකුළුවෝ, 28, අලි කතාව, නිම්නයක හුදෙකලාව, නිනෝ ලයිව්, හීන හොයන සමනල්ලු, ධර්ම යුද්ධය, අප්පටසිරි, ස්වරූප, දේදුණු ආකාසේ, කාල, සීමා නෑ ආකාසේ, පහ සමත්, ඩොක්ටර් නවරියන් සහ ඒ ලෙවල් යන චිත්රනපට සම්මාන සඳහා සලකා බැලිණි.

ජූඩ් රත්නම්, නදීකා ගුණසේකර, ආචාර්ය සෝමරත්න දිසානායක, එම්.ඩි.මහින්දපාල සහ තිස්ස ලියනසූරිය යන මහත්ම මහත්මීන් ජුරීයේ සාමාජිකයන් ලෙස කටයුතු කළේය.

ඒ අනුව වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ 28 චිත්ර පටයයි.

එම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණයට සහ හොදම තිර රචනයට හිමි සම්මාන ද්විත්වය දිනා ගත්තේය.

2017 වසරේ ජනකාන්ත චිත්‍රපටය වුයේ ධර්මය යුද්ධය චිත්‍රපටයයි.

එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානි ඒකනායක හොඳම රංගන ශිල්පියා සහ ශිල්පිනියට හිමි සම්මාන දිනාගත්තේය.

ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර හොඳම සහය නළුවාට හිමි සම්මානයත් ඒ ලෙවල් චිත්‍රපටයේ රගපෑ උමාලි තිලකරත්නට හොඳම සහය නිලියට හිමි සම්මානයත් හිමි විය.

ජනප්‍රියම නැගී එන රංගන ශිල්පිනිය වුයේ ද උමාලි තිලකරත්නයි.

ජනප්‍රියම හස්ය උත්පාදක රංගනය වෙනුවෙන් ටෙනිසන් කුරේටත් ජනප්‍රියම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් ධර්මන් ධර්මරාජ්ටත් සම්මාන හිමි විය.

ජනප්‍රිය චිත්‍රපට ගීතය වුයේ දේදුණු ආකාසේ චිත්‍රපටයේ මල්කළඹ ළඟ නමැති ගිතය යි.

06 වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට හේමාල් රණසිංහ සමත් වූ අතර ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස යුරේනි නොෂිකා සම්මානයට ලක් විය.

හෙළ සිනමා විජිතයේ රාජිණිය ලෙස සැලකෙන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජිව සම්මානය හිමිවිය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ යන සිනමා කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් තත්ත්පර 30ක නිහඞතාවක් පවත්වා ගෞරව දැක්වීම සිනමා උළෙලේ කැපීපෙනෙන අවස්ථාවක් විය.

මතු ප්‍රර්තනා චිත්රකපට අංශය යටතේ සම්මාන කිහිපයක් පිරිනැමීම මෙවර සම්මාන උළෙලේදී ද සිදුවිය.

ඒ අනුව හොඳම මතු ප්‍රර්ථනා සපිරි අධ්‍යක්ෂවරයා ලෙස චින්තන ධර්මදාස සම්මාන දිනාගත්තේය.

හොඳම මතු ප්‍රර්ථනා චිත්‍රපටය ලෙස කෞෂල්යස මාධව පතිරණ ඉක්කා චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගත් අතර ඔහුට එම චිත්‍ර පටය වෙනුවෙන් ටී.වි.දෙරණ ඔස්සේ රුපියල් මිලියන 5ක ප්‍රචාරණ අනුග්‍රහයක් ද හිමිවිය.

කලන ගුණසේකර, විශාකේෂ චන්ද්‍රසේකරන්, සචිත්‍ර විජේසේකර, ළහිරුකා ඒකනායක ජූරියේ විශේෂ ඇගයීමට ලක් විය.

මෙවර හොදම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ “ගණන් ගන්නැති කතාවක්” වෙනුවෙන් තිසර මංගල බණ්ඩාරයි.

මීට අමතරව තවත් සම්මාන කිහිපයක් ප්‍රදානය කෙරිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!