Gossip

ජීවිත තුනක් ජීවත් කරවන්න තම ජීවිතය පරදුවට තැබූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි – Photos

ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා..

ඒ අනුව අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ එහායින් තිබී නාවික හමුදාව විසින් අද (27) උදෑසන සොයාගෙන ඇති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් නම් වූ 29 හැවිරිදි අයෙක්.

අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙම පොලිස් නිලධාරියා විසින් බේරා ගැනීමට උත්සහ කිරීමේ දී ඔහු මෙලෙස ගසා ගෙන ගොස් තිබුණා.

පසුගිය 25 වනදා දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පීනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන් වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!