Gossip News

සුජිත් බේරාගන්න මෙහෙයුම නරඹන අතරතුර අවුරුදු දෙකක දැරියක් මරණයට පත්වෙයි – Photos

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම ලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව එම ප්‍රාන්තයේම යුවළක් රූපවාහිනිය ඔස්සේ සුජිත් මුදාගැනීමේ මෙහෙයුම නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් වන බව තමිල්නාඩු පොලිසිය සඳහන් කර ඇති අතර දෙමාපියන් රූපවාහිනිය නරඹමින් සිටියදී ඇය වතුර බේසමක් තුල සිට ඇති බව සඳහන් වනවා.

ඒ මොහොතේ රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම නරඹා ඇති දෙමාපියන් සිය දරුවා සිහිවී ඇය සෙවීමේදී දැරිය බේසම තුළට වැටී සිටි බව නිරීක්ෂනය වී තිබෙනවා. කෙසේ වෙතත් දැරිය කඩිනමින් රෝහල්ගත කිරීමට දෙමාපියන් කටයුතු කර තිබුනද ඒ වනවිටත් ඇය මියගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!