Gossip

“සීයා ඒ තුවක්කුවේ උණ්ඩ වහලේ සඟවලා තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ” – මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකගේ පුතා කිව්ව කතාව

මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක මොහොමඩ් අලී හසන්ගේ නිවසේ තිබී ඊයේ දිනයේ (29) සොයාගත් වෙඩි උණ්ඩ තම සීයාට අයත් ඒවා බව අලී හසන්ගේ පුත්‍රයෙකු පවසනවා.

“මේ ගෙදර අපේ සීයාගේ. ඒ කියන්නේ, අපේ අම්මගේ තාත්තා. අපේ සීයාට බොර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සීයා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සීයා මිය ගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.

සීයා ඒ තුවක්කුවට අදාළ උණ්ඩ වහලේ සඟවලා තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුණා, ඒක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.

අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උණ්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ.”

මෙම උණ්ඩ වසර 35ක් හෝ 40ක් පමණ පරණ බව අපි දන්නවා. ඒත් ඒ පිළිබඳ ඉක්මනින් පරීක්ෂණයක් සිදුකොට රටට ඇත්ත ප්‍රකාශ කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා‘‘

මේ අතර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් මොහොමඩ් අලි හසන් මහතා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!