Gossip

සීත සෘතුවේ සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාව

එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබෙනවා.
ඒ අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය විසින්ය.

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී යුරෝපය ඇතුළු රටවල් රාශියක් අධික ලෙස හිමෙන් වැසි යන අතර බොහෝ විදෙස් සංචාරකයින් සිය නත්තල් නිවාඩුව සහ නව වසර උදාව සැමරීම සඳහා උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කිරීම සිදුකරනු ලබනවා.

ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට ලබාදී ඇත.

උපුටා ගැනීම – සිළුමිණ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!