Gossip News

සිරියාවේ ඓතිහාසික ටෙල් හලාෆ් නගරයේ බලය කැරලිකරුවන් අතට..

තුර්කි සහාය ලබන කැරලිකරුවන් විසින් සිරියාවේ ඓතිහාසික ටෙල් හලාෆ් නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා.

තුර්කි මෙහෙයුම් වලින් මේ වන විට පුද්ගලයන් 11ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තුර්කිය විසින් සිරියාවේ සිදු කරන හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ වන විට ලක්ෂයක පමණ පිරිසක් නිවෙස්වලින් පලාගොස් තිබෙනවා.

ඔවුන් පාසැල් හා රජයේ ගොඩනැගිලිවල තාවකාලිකව රැඳී සිටින බවයි ජගත් සංවිධානය පවසන්නේ.

මෙහෙයුම් අතරතුරදී පුද්ගලයන් එකොළොස්දෙනෙක් පමණ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවද සහන සේවාවල නිරත කණ්ඩායම් ප්‍රකාශ කරනවා.

මේ අතර තුර්කි දේශ සීමාව ඉදිරිපිට පිහිටි ඓතිහාසික ටෙල් හලාෆ් නගරය තුර්කි සහාය ලබන කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබෙනවා.

කැරලිකරුවන් එම ජයග්‍රහණය සමරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් තුර්කියේ අනදෝලු පුවත් කාර්යාංශය විසින් මාධ්‍ය්‍යට නිකුත් කර තිබුණා.

අමෙරිකාව සිය හමුදා භටයන් සිරියාවෙන් ඉවත් කර ගැනීමත් සමග පසුගිය සිකුරාදා සිට තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ඒ අමෙරිකාව ඇතුළු රටවල් රැසක අනතුරු ඇඟවීම් හා අප්‍රසාදය මධ්‍යයේයි.

කෙසේ නමුත් එම මෙහෙයුම් වලින් තුර්කි සහාය ලබන හමුදා භටයන් මෙන්ම සිරියානු හමුදා භටයන් බොහෝ පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!