Gossip

සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් තහනම් කරයිද?

සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සහමුලින්ම තහනම් කළ යුතු බව පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

අද(15) මල්වතු මහනායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ලෝකයේ සිංහල බෞද්ධ ජනතාව මෙන් මෛත්‍රී, කරුණාව දක්වන ජන කොටසක් මේ ලෝකයේ නොමැති බව ද පැවසූ අමාත්‍යවරයා සිංහල බෞද්ධ ජනතාවට ජාතිවාදී විෂබීජ වපුරා සමහර දේශපාලන වේදිකා සාදා ගැනීමට උත්සහ කිරීම කිසි දිනක ඉටු නොවන බව ද සඳහන් කළා.

කෙසේවෙතත් සිංහල ලේ ඔවුන්ගේ ශරීරය තුළ ඇති බවත් ලංකාව ඔවුන්ටත් අයිති බව පැවසු අමාත්‍යවරයා මහනුවර සිදුවීමෙන් දේශපාලනය කිරීමට සිටි කිසිවෙකුගේ සිහිනය සැබෑ නොවන බව ද කියා සිටියා.

අතීතයේ සිට සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස වෙන් වෙන් වශයෙන් පාසල් අධ්‍යාපනය ඇරඹීම තුළින් ලංකාව තුළ බෙදීමක් ඇති වු බව ද අමාත්‍යවරයා පැවසුවා.

අන්තවාදී සංවිධාන ලෝකයේ විවිධ රටවලට ගොස් මුස්ලිම් ජනතාවගේ මනස විකෘති කරමින් ත්‍රස්තවාදය ඇති කිරීමට කටයුතු කළත් ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජනතාව එවැනි සංවිධානවලට රටතුළ ක්‍රියාත්මක විමට කිසිසේත් ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම සිංහල ජනතාව සමඟ සමඟියෙන් හා සහයෝගයෙන් කටයුතු කරන බවත් මහනායක හිමියන් සමඟ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!