Gossip

අලුත් අවුරුද්දට ජංගම දුරකථන තාවකාලිකව අත්හිටුවයි

සෙනසුරාට යෙදී ඇති අලුත් අවුරුදු සැමරුමට සමගාමීව එරට සියලු ජංගම දුරකථන ජාල එදින තාවකාලිකව අත්හිටුවිමටයි බලධාරීන් තිරණය කර තිබෙනවා.

බාලි දූපතේ සැමරෙන අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජංගම දුරකථන සේවා ජාලයන්ද එකඟත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බාලි වැසියන් රැසක් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී සිටින බව එරට බලධාරීන් පවසනවා.

එම නිසා අලුත් අවුරුද්ද දිනයේදී බාලි වැසියන් ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කර ඔවුන්ට සිය අවුරුද්ද නිදහසේ සැමරීමට අවස්ථාව ලබා දිම බලධාරින්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

සිය අලුත් අවුරුදු දිනයේදී බාලි හින්දු වැසියන් ආහාර ගැනීමෙන්, ගිනි මෙලවීමෙන්, ගමන් බිමන් යෑමෙන් සහ විනෝද වීමෙන් වැලකී සිටින්නේ සිය චාරිත‍්‍ර වාරිත‍්‍රවලට අනුවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!