Gossip

සැවොම සිනහ සයුරේ ගිල්වූ මිස්ටර් බීන්ගේ ජීවිතය අලුත් වෙයි – Photos

මිස්ටර් බීන් කියන චරිතය ලොකු කුඩා කවුරුත් දන්නවා.
ඒ සිනහ සයුරේ ගිල්වමින් හැමෝගෙම ආදරය දිනාගන්න ඔහුට පුළුවන් වුණු නිසා.
62 හැවරිදි මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිස්ටර් බීන්ගේ චරිතයට පණ දෙන රෝවන් ඇටිකින්සන්ගේ දෙවන විවාහයේ බිරිඳ වන 32 වියේ පසුවන ලුවිස් ෆෝර්ඩ්ට මෙම දරු උපත ලැබීමට නියමිතයි.
රෝවන් මීට පෙර විවාහ කරගෙන සිටියේ සුනේත්‍රා ශාස්ත්‍රි වන අතර, ඇය BBC රූපවාහිනියේ වේෂ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියක්. රෝවන් සහ සුනේත්‍රාගේ විවාහ දිවියට වසර 25ක් පිරෙන 2013 වසරේදීයි මොවුන් දෙදෙනා දික්කසාද වී ඇත්තේ.
එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනකු සිටින අතර එහි වැඩිමලා (බෙන්) ගේ වයස අවුරුදු 25 ක් වන අතර, දියණිය (ලිලී) ගේ වයස අවුරුදු 21ක්.
තම පියා නැවත වතාවක් පියකු වන්නට යන බව දැනගත් වහාම ලිලී තම වාසගම වෙනස් කරගත් බවද සඳහන්. එහිදී ඇය ඇටිකින්සන් වෙනුවට ශාස්ත්‍රී ලෙස තම මවගේ වාසගම යොදාගෙන තිබෙනවා.
රෝවන් ඇටිකින්සන් දැන් විවාහ වී සිටින්නේ ලුවිස් ෆෝර්ඩ් සමග වන අතර ඇය චැනල් 4 රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!