Gossip

අක්බාර් ටවුන් කියලා නම වෙනස් වූ එඬේරමුල්ලට නැවතත් පරණ නම ලැබුණු හැටි

පසුගියදා වැඩියෙන්ම කතාබහට ලක්වුණු දෙයක් තමයි එඬේරමුල්ල ප්‍රදේශයේ නම වෙනස් කිරීම ගැන.

ඒ මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් 04ක් එකතුකර අක්බාර් ටවුන් ලෙස නම් කිරීමත් සමගයි.

ඊයේ (20) දිනයේ මෙම නම් කිරීමට විරෝධය පළ කරමින් එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකිමේ ව්‍යාපාරය නියෝජිතයින් පිරිසක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ප්‍රදේශයේ ජනතාවගේ අත්සනින් යුතු සංදේශයක් භාරදී තිබුණා.

කෙසේවෙතත් මේ වන විට “අක්බාර් ටවුන්” ලෙස නම් කර ඇති මැතිවරණ කොට්ඨාශය “එඩේරමුල්ල 02” ලෙස නම් කිරීමට පළාත් සභා හා පළත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!