Gossip

“සාමාන්‍ය පෙළට A 9 යි.. ඒත් ඒ සතුට සමරන්න අද පුතා ජීවතුන් අතර නැහැ”

ජීවිත කොයි මොහොතක නැතිවෙයිද කියලා කාටවත් කියන්න බැහැ.
ඒ තරමටම මේ ජීවිත ගමන අවිනිශ්චිතයි.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.
ඊයේ රෑ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා.
ඉහළින්ම ප්‍රතිඵල ලැබුණු අය අතර චාවකච්චේරි පැත්තේ කෝනේශ්වරන් ගාරුසාන් කියන සිසුවාගේ නමත් තිබුණා.
හැබැයි ඒ සතුට සමරන්න ඔහු ජීවතුන් අතර නැහැ.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිදුවු රිය අනතුරකින් කෝනේශ්වරන් ගාරුසන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔහු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී Aසාමාර්ථ නමයක් ලබා තිබෙනවා.
මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඔහු යතුරුපැදි අනතුරකින් දෙසැම්බර් 28 වැනිදා මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ දරුවා යාපනය සංගතානෙයි ප්‍රදේශයේ පදිංචි අයෙකු වනවා.
මෙම පුවත දැන ගැනීමෙන් අනතුරුව දෙමාපියන් ඇතුළු ඥාතීන් සහ ගම්වාසීන් ශෝකයෙන් සිටින බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!