ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා.
බැද්දෙගෙදර, අඹුදරුවෝ, මහෝඝය, නිරානන්දය සහ ධවල රාත්‍රිය ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා.
මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු වසර කිහිපයකම සිට කලා කටයුතු වලින් ඈත් වී කුරුණෑගල නිකවැරටියේ සිය නිවසේ කාලය ගත කළ බවයි වාර්තා වන්නේ.