Gossip

රණවිරුවන් දෙදෙනෙකුටත් මරණ දඬුවම – යාපනයෙන් ඇසුණු අලුත් කතාව මෙන්න

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වැනි සේනාංකයට අයත් 512 බල සේනාවේ සේවයේ නියුතු යුධ හමුදා මේජර්වරයෙකුට සහ සැරයන්වරයෙකුට ඊයේ (08) මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඒ, යාපනය තිරිනල්වේලි ප්‍රදේශයේදි ත්‍රස්තවාදියෙකු බවට සැකකල පුද්ගලයෙකු ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු කරමිනුයි.

ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර චෝදනා ලැබ සිටි තවත් යුධ හමුදා කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

යාපනය, වට්ටවාන් ප්‍රදේශයේ පදිංචිව සිටි ඥානසිංහම් ඇන්ටන් ගුණසිංහම් නැමැති පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙක් යැයි සැකපිට රැගෙන ගොස් 1998 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ඝාතනය කළ බවට කෝපායි පොලිසිය චුදිතයන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුනා. පසුව චුදිතයන් කල අභියාචනයක් අනුව මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර නීතිපති ගොනු කල අධි චෝදනා මත නැවත මෙම නඩුව යාපනය මහාධිකරණය වෙත යොමුකර තිබුනා.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ මේජර් ඩික්මන් රාජමන්ත්‍රි හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා නැමැති අයටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!