Gossip

ස්ත්‍රී දූෂකයන්ට වැඩ වැරදෙන ලකුණු – වෙඩි තිබ්බත් කඩන්න බැරි යට ඇඳුමක් නිමවෙයි

අද වන විට ලෝකේ හැම තැනින්ම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි ස්ත්‍රී දූෂණ කියලා කියන්නේ.

මේ සිද්ධීන් වැඩිපුරම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

සෑම මිනිත්තු 15කට වරක්ම ඉන්දියාව තුළ කාන්තාවක් දූෂණයට පත්වන බව වාර්තා පළවන නමුත් මේ ස්ත්‍රී දූෂණවලින් හෙළිවන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. බොහෝ විට ඒවා යටපත් වන බව තමයි කියැවෙන්නේ

ඉතින් අපි මේ කියන්න යන්නේ මෙහෙම වැඩිවෙන ස්ත්‍රී දූෂණ රැල්ලෙන් ආරක්ෂා වෙන්න ඉන්දියානු තරුණියක් දැරූ උත්සායක් ගැනයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සීනු කුමාරි නැමැති තරුණියක් ඩොලර් 68 ක් වැනි මුදලක් වියදම් කොට, ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂාව සැලසීමට සමත් කාන්තා යට කලිසමක් නිපදවා තිබෙන බවයි.

එයට combination lock එකක්, හදිසි ඇමතුම් බටන් එකක්, සහ ගෝලීය ස්ථානය නිර්ණය කරන GPS පහසුකමද ඇතුලත් කර ඇති අතර එය වෙඩි නොවදින තරම් ශක්තිමත්, කැපීමට පවා නොහැකි යට ඇඳුමක් බවයි වාර්තා වන්නේ.

ඇය ජීවත්වන නගරය තුල ස්ත්‍රී දුෂණ අපරාධ හිස ඔසවා තිබීම නිසා තමයි ඇය මේ වගේ නිර්මාණයක් කරලා තියෙන්නේ .

තමන්ට අනතුරක් සිදුවීමට ආසන්න බව දැනුණු ක්ෂණිකව ඇයට යට ඇඳුමේ වූ හදිසි ඇමතුම් බොත්තම ඔබන්නට පුළුවන්. එම ඇමතුම මගින් ලඟම ඇති පොලීසිය සහ පවුලේ කෙනෙකු වුවත් සමබන්ධ කරගන්න ඒ මගින් හැකියාව ලැබෙන බවටයි වාර්තා වෙන්නේ.

අපරාධකරුගේ ඡායාරූප ලබාගෙන ඒ තුලම ගබඩා කරගැනීමට සමත් තාක්ෂණයක්ද මෙහි දැකගන්නට පුළුවන්.

ඇයගේ මෙම නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රයක් ලැබී නැති අතර අනුමැතිය ලැබුණු වහාම එය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමටද ඇය සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!