Gossip

සමහර ඇන්ජින් වේගයෙන් යනකොට ගැස්සීම් නිසා ඇතිවන කොන්දේ ආබාධ ගැන දන්නේ අප පමණයි- Train Driver ගේ පඩිය ඇත්තටම ලක්ෂ 2ක් ද? සංවේදී කතාව මෙන්න

පසුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වූ දෙයක් වුණා දුම්රිය රියදුරන්ගේ වර්ජනය. මතක ඇති කාලෙකට ලංකාවේ ප්‍රථම වතාවට තමයි අහන්න ලැබුණේ දුම්රිය සේවය දවස් 06ක් එක දිගට වර්ජනය කළා කියලා.

මේ අතර මාධ්‍ය මගින් ලක්ෂ දෙකේ පඩි පත කියලා කතාවක් ගෙන ගියා. ගොඩක් අය ඒක නිසා කිව්වේ ලක්ෂ දෙකක් පඩි අරගෙන එනවා තව ඉල්ලන්න කියලයි. මේ කතාව නිසා ගෙඩක් මිනිස්සු කලබල වුණා. තරහා ගත්තා.

මිනිස්සුන්ට අමතක වුනා මේ කියපු කතාවේ ඇත්ත නැත්ත හොයන්න. බැන්නේ අර දුම්රිය රියදුරුට.

කොහොමවුනත් මේ වෙද්දි ඒ වැඩ වර්ජනය අවසාන වෙලා තියෙනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ හිත් රිදීම් විතරයි. එහෙම හිත රිදුන දුම්රිය රියදුරෙක් මෙන්න බුකියේ දාපු සටහනක් අපට දැකගන්නට ලැබුණා. මේ එම සටහනයි.

ඇත්තටම වැටුප ලක්ෂ 02 ද?

“මේ මගේ මාසික පඩිය.මූලික වැටුප 30න් බෙදුවොත් දිනක වේතනය රුපියල් 785.06. අද සාමාන්‍ය පුද්ගලයෙක් ( උදාහරණයක් ලෙස මේසන් බාස් මහතෙකු දිනකට 2500ක් ඔහුගේ ගෝලෙයෙක් 1800ක් ) උපයනව ඔවුන්ගේ මහන්සියෙන්. අපි රාජකාරිය කරන එක දුම්රියක මගීන් අඩුම 2500ක් වත් ගමන් කරනව වැඩ දිනවල.බෙදල බලන්නකො 2500න්. මොකද කිව්වොත් ඒ යන හැම මගියෙකුගෙම ජීවිත වගකීම තිබෙන්නෙ අපේ අතේ. ඇත්ත තේරෙම් ගන්න මේකෙන් වත්.. මීට අමතරව යම් අයෙකුගේ වැටුප වැඩි නම් ඒ අතීකාල දීමනාව.අපිට අපේ උවමනාවට අතීකාල කරන්න බැරි බව ඕනම කෙනෙක් දන්නවනේ.අපිත් ආසාව නැතුව නෙමෙයි පැය 08 වැඩ කරල ගෙවල් වල ගිහින් පවුල දරුමල්ලන් එක්ක ජීවිතය ගත කරන්න. නමුත් ඒ සියල්ලම කැප කර තව කෙනෙක් ගේ ඩියුටිය කවර් කරල උපයන මුදලක් අතීකාල දීමනාව.එම මුදල උපයන්න අපේ ගෙදර ජීවිතය කැප කරල දරුවන් සමග ගතකරන්න තිබෙන කාලය කැප කරල අසීමාන්තිකව නිදි මරල අපි කරන කැපවීම ඇතුලාන්තයෙන් නොදකින පිරිස අපිට දීපු ඇගයීම තමයි ඔබ පහුගිය දිනවල රූප මාද්‍ය ඔස්සෙ දකින්නට ඇත්තෙ. මාධ්‍යවලින් ලොකු කරල දුන්නෙ ලක්ශ දෙකේ පඩි පත.කෝ ඒකෙ අතීකාල නැතුව කීයද තියෙන්නේ ?? ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අපි වැඩ කරන පැය ගාන ඉතාම කෙටී කියල..
දුම්රියක් ගමන් ආරම්භ කරන ස්ථානයේ සිට අවසාන දක්වා පැය ගනනට වඩා පැය ගණනක් අපි සේවය කරනවා කියා පමණයි ඔබට පෙනෙනේ.නමුත් ධාවනාගාරයට වාරතා කරන වෙලාවේ සිට ඇන්ජිම පණ ගන්වා මැදිරි අන්ගනයට ගොස් empty set එක නියමිත වේලාවට පෙර ගමන් ආරම්භ කරන ස්ථානයට ගෙන එන්නේ ද අප විසින්මය. ඔබට පිටින් පෙනෙනේ මොකක්ද අපෝ උන් මේ නිකන් ඉස්සරහ වාඩි වෙලා යන එක විතරයි කරන්නෙ කියල.නමුත් ඒක වැරදි.. අපිට තිබෙන අවම සම්පත් අපි උපරිමයෙන් භාවිතා කරල නියමිත වේලාවට දුම්රියක් ධාවනය කරන්න ගන්න වෑයම ඔබට නෙපෙන්නට ඇති. අවුරුදු 20, 25, 30, 50 පරණ ඇන්ජින් වල අපගේ රැකියාව කරන්නෙ.. නමුත් අපි අපේ වගකිම ඉටුකලා ඉදිරියටත් එසේමයි.සමහර ඇන්ජින් වේගයෙන් යනකොට ගැස්සීම් නිසා සීට් එකේ වාඩි වෙලා යනකොට ඇතිවන කොන්දේ ආබාධ ගැන දන්නේ අප පමණයි.. සමහර වෙලාට අපේ උදේ දිවා රාත්‍රී ආහරය අපිට ගන්න සිදුවුනේ ඇන්ජිම ඇතුලෙ ඉදන්.අපිත් කැමතී මේසයක පුටුවක වාඩි වෙලා කන්න.නමුත් අපි ඒ කැපවීම කලා.. ඒ කැපවීම් වලට පසු ගිය දිනවල අපිට ලැබුණේ ඉතාම ඉහල ගණයේ උපහාර.
ඔබට පෙන්නුවේ ලක්ශ් දෙකේ පඩි පත්.සමහරුන්ට අනුව පින් පඩි. නමුත් අප මගීන් සමග අමනාප නැත. ඉදිරියටත් අපගේ සේවය ආරක්ශාකාරීව ඔබට සැපයීමට ඇප කැපවී සිටින්නෙමු!!

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!