Gossip

සභාපති පට්ටමේ හයිය පෙන්නන්න හදපු ප්‍රාදේශීය සභා සභාපති වැඩ වරද්දාගනියි

තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වාර්තාවන්නේ.

කඳුරුවෙල නගරයේ සොමියෙල් හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ කහ ඉර මත කැබ් රථයක් නවතා ඇති අතර එහිදී එය ඉදිරියට ගන්නා ලෙස පොලිස් නිලධාරීන් විසින් අදාළ කැබ් රථ රියදුරුට දන්වා ඇති නමුත් එය ඉදිරියට නොගැනීම හේතුවෙන් නැවතත් අසළට පැමිණ ඒ පිළිබඳව දැනුවත් කළ පසු අදාළ සභාපතිවරයා තමා කවුදැයි දන්නවාදැයි අසමින් කැබ් රථයේ සිටි පිරිසත් සමඟින් රාජකාරීයේ නිරතව සිටි අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරී ගිනි අවිද උදුරාගෙන පහරදී තිබෙනවා.

ඊයේ පස්වරු 7ට පමණ මෙම සිද්ධිය සිදු වී ඇති අතර අදාළ නිලධාරීන් මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

අදාළ සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ චමින්ද, සමිත්‍ර ඉමේෂාන් නමැති රථවාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!