Gossip

“ඇති බං, මේක කරන්න බෑ..කොච්චර කළත් වැඩක් නෑ. දාල යන්න හිත දෙන්නෙ නෑ. තව එක සීසන් එකක් ගහල අයින් වෙනවා” – ඇද වැටී දෙපයින් නැගී සිටි ඇය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල පැවැත්වෙනවා.
එහි කාන්තා බොක්සිං ඉසව්වකදී ශ්‍රී ලංකාවට පදක්කමක් තහවුරු කිරීමට අනූෂා දමයන්ති සමත්වුණා.
ඒ කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වෙමින් බාන් බ්‍රැන්ඩි ක්‍රීඩිකාව පරාජය කරමින්.
අනූෂා අවසන් පූර්ව වටයේදී පරාජය වුවද බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපවැත්වෙන බැවින් ඇයට එම තරග අංශයේ ලෝකඩ පදක්කම හිමිවනවා.
අවසන් තරගයේදී ඉන්දියාවේ මේරි කොම්ට එරෙහිව සටන් වදිනවා.
අනූෂා පැමිණි ගමන්මඟ ගැන අපූරු සටහනක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.

මේ එම සටහනයි…

බොක්සිං ක්‍රීඩාවට නව පණක් හා ජයක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් එක් කිරීමට අනූෂා නම් ඇය සමත් වූවාය.

පසුගියදා අර්ධ අවසන් පූර්ව වටය ජයගත් අනූෂා මේ ලබා ගන්නේ ඇයගේ චිත්ත ධෛර්යයේ ප්‍රතිලාභයයි.

ඇති බන්, මේක කරන්න බෑ..කොච්චර කරත් වැඩක් නෑ. දාල යන්න හිත දෙන්නෙ නෑ.. MAS එක මාව බලා ගත්තෙ, තව එක සීසන් එකක් ගහල අයින් වෙනව.

මේ ඇය කිහිප වරක් අඩු වැඩි වශයෙන් කළ ප්‍රකාශයන්.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමාජයේ ඇති ස්ථානය හා කල කිරීම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන් ඈත් කළේය.

අනුෂා එල්ලී සිටියාය.

අද එය ඇය භුක්ති විඳින්නේ නිහතමානී සතුටකිනි.

2016 සාග් උ⁣⁣ළෙලේදී, ඉන්දියාවේ මේරිකොම් හමුවේ අනූෂා පරාජය වූයේ රෝද පුටුවටද ඇද වැටෙමිනි.

මේරිකොම් යනු ඉන්දියාවේ දැවැන්ත චරිතයකි. වෘත්තීය ක්‍රීඩිකාවක් වන ඇය බැලීමට පමණක් ප්‍රේකෂකයන් වැල නොකැඩී පැමි⁣ණෙයි. පුද්ගලික.ආරක්ෂකයන් සමග පැමි⁣ණෙන ඇය එදා ක්‍රීඩා කළ නීති විරෝදී ආකාරය ප්‍රශ්න කිරීමට කිසිවෙකු මෙරට නොවීය.

ඉන් පීඩාවට පත් ව ඇවිද ගැනීමට හෝ නොහැකිවූ අනුශාට ගුවහා⁣ටි ගුවන් තොටුපලේ දි රෝද පුටුවක්.ලබා ගැනීමට හෝ නිළධාරියෙකුට උවමනාවක් නොවීය.

මොකෝ බන් කකුල ඔච්චර අමාරුද කියා මා විමසූ විට ඇයට කඳුලු ආවේය.

ගුවන් තොට නිළධාරීන්ට කතා කොට ඇයට රෝද පුටුවක් ලබා දීමට අපට හැකි විය.

ඇය ක්‍රීඩාව අත් හරිනවානම් එම සිද්ධිය ප්‍රමාණවත්ය, කකුල කෙලින් කරගත් ඇය ඔලුව කෙලින් කරගනිමින් දැක්වූ දක්ෂතාව පූර්වාදර්ශයකි.

මේරිකොම් නැවත සෙමියේදී ඇයට හමුවනු ඇත..

දින්නත් පැරදුනත් අනූෂා කතා කිරීමට හා සිතීමට යමක් එක් කර තිබේ..

අනූෂා එළ, පට්ට ගහපන් මේරිට…

සුබ පැතුම්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!