Gossip

සතියේ ඵලාපල

 

මේෂ – ප‍්‍රභූවරුන්ගෙන්උපකාර

විශේෂයෙන් මතක ශක්තිය අතින් සුරක්‍ෂිතභාවයත්ඇතිකර ගනියි. එමෙන්ම ඉතා කැප වී වැඩකිරීමෙන් ඇගයීමට ලක්වෙයි. ප‍්‍රධානීන්ගෙන් සහ ප‍්‍රභූවරුන්ගෙන් උපකාර ලබයි. තම මිතුරන්ගෙන් ද සහයෝගය ලබයි. පෙම්වතුන්ට සාර්ථක කාලයකි. කටයුතු සඵල වෙයි. ගොඩ ගැසී තිබූ කාර්යාල වැඩ කටයුතු සති අග වනවිට අවසන් වෙයි. සම්බන්ධීකරණ කටයුතු ගිවිසුම් අත්සන් කිරීම් ආදියට යහපත් වෙයි. උසස් අධ්‍යාපන කටයුතු ද නැවත පණ ගැන්වී එයි. හදිසි රෝග බාධයක් ඇතිවිය හැකිය. විශේෂයෙන් හුස්ම ගැනීමේ අපහසුතා ද, හතිය, ආමාශයේ ආබාධ ඇති වෙයි. විදේශ මූලාශ‍්‍ර වලින් ආදායම් ලබමින් සිටින අයට වැඩි වාසි අත්වෙයි.

සුබදිනය    :- අගහරුවාද, සිකුරාදා
සුබ වර්ණය    :- රතු
ජයඅංකය    :- 9, 6

වෘෂභ- කොන්දේ අමාරු

නැදෑයන්ගෙන් උපකාර ලබයි. තම ගෘහස්ථය තුල සමාදානය වර්ධනය වෙයි.  අඩමාන හා කොන්ත‍්‍රාත් බිස්නස්වලට වැඩියෙන් මුදල් ආයෝජනය කරයි. තම දරුවන්ගේ කටයුතු  වෙනුවෙන් ද  අතිරේක මුදල් වැය වෙයි. උසස් අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් ද විදේශ ගත වීමට යෙදෙයි. එමෙන්ම සමස්තයක් වශයෙන් අධ්‍යාපනික කටයුතු නැවත පණ ගැන් වී එහි වෘත්තීයමය කටයුතු  විශේෂයෙන් පරිපාලන කටයුතුවල ප‍්‍රගතියක් පෙන්වයි. පවුල් ජීවිතයේදී මුදල් නාස්තිය නිසා අවුල්, බහින්බස්වීම් උග‍්‍රවෙයි. හවුල් ව්‍යාපාර සාමාජිකයන්ට සති අග සිට හොඳයි. හදවත් රෝග සහ කොන්දේ අමාරු ඉස්මතු විය හැකිය.

සුබදිනය    :- සිකුරාදා
සුබ වර්ණය    :- රෝස,කොළ
ජයඅංකය    :-  6,5

මිථුන  – ප‍්‍රතිවාදින්අබිබවයි

ගොඩගැසී තිබූ වැඩ නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමටහැකි වෙයි. අපේක්ෂා කළ පත්වීම් ලියුම් ආරාධනා  ලැබෙන්නට පටන් ගනී. මඟුල් තුලාවලට කටයුතු සාර්ථක අඩි තාලමක් වැටේ. අධ්‍යාපන කටයුතු විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතුවලට සාර්ථක වාතාවරණයක් සැකසේ. සේවාස්ථානයේ කටයුතු ඉතා කැපවීමෙන් කරයි. ප‍්‍රතිවාදීන් අබිබවයි. ගොඩගැසෙමින් තිබූ ලිපිගොනු ලිහිල්වෙයි. පෙම්වතුන්ට යහපත් සතියක්. කෙටි ගමන්වලදී  සබඳතා ඇතිවෙයි. හවුල් ව්‍යාපාරිකයන් අතර සමඟිය ගොඩනැගේ. ආමාශ ආබාධ හතිය අධි රුධිරය පීඩනය ඉස්මතු විය හැකිය.

සුබදිනය    :-බදාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජයඅංකය    :-  5.3

කටක – ධනහානි

මුදල් වංචා කරනු  ලැබීම් වලටද අසුවිය හැකිය. ඉඩම් නිවාස විකිණීමේ ගනුදෙනුවල නිරත වන අයට අවාසිය ගෙන දෙයි. සති අග  වන විට ගොඩගැසි තිබු ලිපගොනු නිරවුල් වෙයි. ආදායම් මාර්ග දියුණුවුවත් හදිසි නොනිසි වියදම් නිසා පාලනය කර ගැනීමට බැරිවෙයි. විදේශීය ගමන් සඳහා මුදල් යට කිරීමක් සිදු වෙයි. අඩමාන බිස්නස් කොන්ත‍්‍රාත් බිස්නස් ආදියේ නිරත වන්නන්ට සාර්ථකත්වයකට අඩිතාලමක් වැටෙයි. උසස්අධ්‍යාපන කටයුතු නිරත  වන්නන්ට ද වැඩිපුර මුදල් වැයවීමක් සිදුවිය හැකිය. ගිවිසුම් හා අත්සන් කිරීම් සම්බන්ධීකරණ කටයුතු බ්‍රෝකර් හා ඒජන්සි බිස්නස් ආදියෙහි යෙදෙන්නට අලූත් බලාපොරොත්තු තබා ගත හැකිය. ලීවර් අමාරු, රුධිර පීඩනය ඇති වෙයි.

සුබදිනය    :- බදාදා, සිකුරාදා
සුබ වර්ණය    :- සුදු, කී‍්‍රම්පැහැය
ජයඅංකය    :- 2, 5,9

සිංහ – සහෝදරයන්ගෙන්උදවු

කොන්ත‍්‍රාත් බිස්නස් අඩමාන බිස්නස් ආදිය කරන්නේ නම් ඉතා වාසිසහගතය. පේ‍්‍රමවන්තයන්ට සුවිශේෂි සතියක්. කාර්යයන් සඵල වෙයි. ගන්නා තීරණ පවා වාසියට හිටියි. ආකර්ශණිය  ගුණය ඇති වෙයි.  ස්තී‍්‍ර පාර්ශ්වයන්ගේ උපකාර  ලබයි. තම බාල සහෝදරයන්ගෙන් ද උදවු ලබයි. උසස් ප‍්‍රභූන් සමග හැසිරෙයි.  ලැබීමට නියමිත මුදල් ලැබෙන්නට පටන්ගනියි. මුදල් නාස්ති චෝදනා පදනම් වී අඹුසැමි අවුල් ඇතිවිය හැකිය. හවුල් ව්‍යපාරික සාමාජිකයන් අතර ගැටුම් ඇතිවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලට වියදම් වැඩිවෙයි. සති අග සිට ආර්ථිකයට වාසියි. අත් හා උරහිස් මුත‍්‍රා ආබාධ ඉස්මතු වෙයි.

සුබදිනය    :- ඉරිදා, අ`ගහරුවාද
සුබ වර්ණය    :- රතු ,තැඹිලි
ජයඅංකය    :- 1, 9

කන්‍යා- මානසික සහනයක් ලබයි

ප‍්‍රමාද වෙමින් තිබූ ලිපි ආරාධනා පත‍්‍ර කැඳවුම් චෙක්පත්ආදිය ලබයි. ගොඩ ගැසෙමින් තිබූ ලිපි ගොනුද  ලිහිල් වෙයි. මානසික සහනයක් ලබයි.රහසිගත පේ‍්‍රම සම්බන්ධතා ඇතිවෙයි. කාමුක ගතිය ඉස්මතු වීම නිසා අපවාද අවලාද ලබයි. ඉඩම් නිවාස ප‍්‍රශ්න නිසා ගැටුම් ඇතිවිය හැකිය. ආවේගශීලිවීම නිසාද ගැටුම් ඇතිවිය හැකිය. සති අග සිට ප‍්‍රමාද වෙමින් තිබූ ගිවිසුම් ඇතිකර ගැනීමට ගනුදෙනු සාකච්ඡා ඇතිකර ගැනීමට හොඳයි. පරිපාලන දක්‍ෂතා ඉස්මතු වෙයි. අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයට යහපත්වෙයි.  ඇනහිට තිබූ යමක් ඇත්නම් යළි පණ ගැන්වීඑයි. අත් හා උර හිස ළය පිනස් රෝග ඉස්මතු වෙයි.

සුබදිනය    :- සිකුරාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජයඅංකය    :-  2, 6

තුලා -අය පක්‍ෂය යහපත්

අය පක්‍ෂය යහපත්. පේ‍්‍රමවන්තයන් ද තම කටයුතු සඳහා නිදැල්ලේ හැසිරෙයි. තමන් දරුවන් වෙත අතිරේක වියදම් ද  පෙන්වයි. බිස්නස් සඳහා ද ආයෝජන හොඳයි. සති අග වනවිට ලැබෙන තම නියමිත චෙක්පත් ලිපි ආරාධනාවක් කැඳවුම් ආදිය  ලබයි. අධ්‍යාපන කටයුතුවලට ද හිතකර වාතාවරණයක් සෑදේ. ලොතරැයි ජය පෙන්වයි. තම ගමන්බිමන්වලට ප‍්‍රවාහන පහසුකම් ලබයි.අපේක්ෂා කළ විදේශ ගමන්වලට ද අවකාශ සැලසේ. ඉඩම් නිවාස ප‍්‍රශ්නයක් නිසා වියදමක් පෙන්වයි. ලීවර් අමාරු , රුධිරපීඩා ඇතිවිය හැකිය.

සුබදිනය    :- ඉරිදා, සඳුඳා
සුබ වර්ණය    :- තැඹිලි, සුදු
ජයඅංකය    :- 1, 7

වෘශ්චික- ලොතරැයි ජය

අයපක්ෂය ඉතා හොඳයි. ඉඩම් නිවාස මිලට ගැනීමට කටයුතු යොදාගත හැකිය. ලොතරැයි ජයද පෙන්වයි. සති අග සිට අධ්‍යාපන කටයුතු පණ ගැන්වී එයි. විවේචන අපවාද අවලාද  ලැබීම දිගටම කෙරේ. හිසේ ස්නායු රෝග අත් හා උරහිස් අමාරු, ළය පීනස්රෝග ඉස්මතු විය හැකිය. තම මවගෙන්උපකාර ලබයි. ස්තී‍්‍ර පාර්ශ්වයන්ගෙන් විශේෂයෙන් ප‍්‍රභූ ස්තී‍්‍රන්ගෙන්උපකාර  ලබයි. ගමනා ගමන වලට වියදම්, ප‍්‍රවාහන කටයුතු වලට වියදම්. විදේශ මූලාශ‍්‍රවලින්ආදයම් ලබන අයට සාර්ථකයි. සමස්තය ගත්තොත් ආයෝජන යෙදීමට තරම් මුදල් ඉතිරි කරගත හැකිය.

සුබදිනය    :- ඉරිදා, අගහරුවාදා
සුබ වර්ණය    :- රතු, කහ, තැඹිලි
ජයඅංකය    :-  3, 9

ධනු – වන්දනා ගමන්

කොන්ත‍්‍රාත් බිස්නස්වලට ආයෝජන යෙදෙයි.  තම දරුවන් නිසාද අතිරේකව වියදම් පෙන්වයි. තම වෘත්තීය කටයුතු  සාර්ථකව කළ හැකිය. ස්තී‍්‍ර පාර්ශ්වයන්ගෙන් වැඩිපුර උදව් ලබයි. සති අග සිට ගොඩගැසුණු ලිපි කටයුතු ලිහිල් වී සිතට සැනසීමක් ලබයි. ගුරු ආචාර්ය විද්වතුන් ආදී ප‍්‍රභූ පාර්ශ්වයන්ගෙන් සහයෝගය ලබයි. අපේක්ෂා කරමින් සිටි විදේශ සංචාරයන් ඉෂ්ට විය හැකිය. එය විදේශ වන්දනා  ගමන් ද විය හැකිය. තවදුරටත් තමන් සතු ලිපි ලේඛන සන්නිවේදන උපකරණ වටිනා පොත් පත් නැතිවීම අස්ථාන ගතවීම් සිදුවිය හැකිය. පාද ආබාධ ළය පීනස්, ආමාශ ආබාධ ආදිය ඉස්මතු වියහැකිය.

සුබදිනය    :- බ‍්‍රහස්පතින්දා
සුබ වර්ණය    :- තැඹිලි, ලා නිල්
ජයඅංකය    :-  1, 6

මකර- අපවාද ලබයි

මේ නිසා ප‍්‍රමාද වෙමින් තිබූ බොහෝ කාරණා ඉෂ්ට වෙයි. විදේශ ගමන් යෙදෙයි. උසස් අධ්‍යාපන කටයුතු ද පණ ගැන්වෙයි. ඉඩම් නිවාස ගනුදෙනු තිබුණා නම් ඒවා විසඳෙයි.  ගුරුන්ගේ විද්වතුන්ගේ  ආචාර්යවරුන්ගෙන් සහයෝගය  ලබයි. පෙම්වතුන්ටඅවහිර බාධා ඇති වෙයි. අපවාද ලබයි. විදෙස් මුලාශ‍්‍රයන්ගෙන් මුදල් ලබන අයට වඩා තිරසාර ගතියක් ඇතිවෙයි. තම ඥාති සහෝදරයන්ගෙන් උදවු ලබයි. ගමනා ගමන ගාස්තු වැඩිය. සුඛෝපභෝගීදේට වියදම් වැඩිය. ලොතරැයි දිනුම්වලට ඉඩකඩක් ඇත. හතිය, ස්නායු රෝග රුමැටික් ආබාධ ඇතිවිය හැකිය. නිවාස මාරුවක් සිදුවිය හැකිය.

සුබදිනය    :- අගහරුවාදා, සෙනසුරදා
සුබ වර්ණය    :-  රතු, නිල්
ජයඅංකය    :- 9, 6

කුම්භ- හදිසි ධන යෝග

ඇනහිට තිබූ වෘත්තීමය අපෙක්ෂාවන් ඉෂ්ට වෙයි. උසස්වීම්වලට පවා නිර්දේශ විය හැකිය. ආවේගශීලිත්වය නිසා ගැටුම් ඇතිවිය හැකිය. විශේෂයෙන්ම රැකියා ස්ථානයේ බිස්නස්වල යම් ලාභදායී තත්ත්වයක් පෙන්වයි. විශේෂයෙන් හවුල් ව්‍යාපාරවල රැකියාවන් බහුවිධ තත්ත්වයට පත්විය හැකිය. රාගාධික ගතිය ඉස්මතු වෙයි. අනවශ්‍යදේට මුදල් නාස්ති කරයි. පරිපාලන බලයඉස්මතු වෙයි. අනුන්ව මෙහිදී අවනත කරගත හැකිය. උසස්අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. උසස් ප‍්‍රභූන්ගෙන් සහයෝගය ලබයි. මගුල් තුලා කටයුතුවලට අවහිරයක් නැත. හිසේ අමාරු ඇතිවිය හැකිය. පහසුවෙන් විනිශ්චය කර ගැනීමට අපහසු ගුප්ත රෝග දඉස්මතු වෙයි.

සුබදිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :-  රතු, කහ
ජයඅංකය    :-  2, 7

මීන- නීතිප‍්‍රශ්න

කාර්යයන් ඉෂ්ටකර ගැනීමට යම්කිසි වීර්යයක් ගත යුතුව ඇත. විදේශ මූලාශ‍්‍ර වලින් ආදායම් ලබන අයට වාසිය. සති අග සිට ප‍්‍රචාරක ප‍්‍රකාශන අපනයන ආනයනය ආදීකට යුතු වල යෙදී සිටින්නට වාසියක් ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකය. හවුල් ව්‍යාපාරකරුවන් බහුවිධක්‍ෂෙත‍්‍ර කරා යොමු වෙයි. නීති ප‍්‍රශ්න නිසා අපහසුතාවන්ට පත් වෙයි. පොලිසියෑම්, උසාවියෑම් ආදිය ද සිදුවිය හැකිය. රහසිගත පේ‍්‍රමයන් එළිවීම නිසා පෙම්වතුන් අපහසුතාවන්ට පත් වෙයි. අඹුසැමියන් අතර ගැටුම්ඇති වී වෙන්වීම් ආදියට පවා කටයුතු සිද්ධවිය හැකිය. මගුල් තුලා කටයුතු සති අග සිට සාර්ථකත්වය කරා පෙන්නුම් කරයි.

සුබදිනය    :- බ‍්‍රහස්පතින්දා, ඉරිදා
සුබ වර්ණය    :-  කහ, රෝස, තැඹිලි
ජයඅංකය    :-  1, 4, 9

ජෝතිර්වේදී ,විශාරදසාම ශී‍්‍ර විශ්වකලා කීර්ති,රුක්ෂාන් ජයසේකර,
ඉසිසඳ ජෝතීෂ්‍ය පර්යේෂණ ආයතනය,හක්මණ පාර – මාතර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!