Gossip News

සජිත්ගේ පිරිසක් යළි රනිල්ට එන්න ක‍්‍රමවේදයක් හදයි

එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය පක්ෂය හරහා නාමයෝජනා භාරදුන් සහ එම පක්ෂය සමග කි‍්‍රයාකාරී වූ පිරිසට නැවතත් එජාපය සමග එක්වීමට අවසර ඇති බව එහි ඉහළ පෙළේ නායකයෙක් පැවසීය.

ඒ අනුව එජාප සාමාජිකත්වය අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් පක්ෂ සාමාජිකත්වය ලබා දීමට පක්ෂය සූදානම් බවද එම නායකයා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයට වෙනත් පක්ෂයකින් නාමයෝජනා භාරදී ඇතත් එවැනි අපේක්ෂකයින්ටද එජාපය සමග එක්විය හැකි බවද හෙතෙම කීවේය.

ඒ සඳහා කාලය ලබා දීමට සහ එම පක්ෂයේ පිරිස් නැවත එජාපය සමග එක්වීම සම්බන්ධව මේ වනවිට සාකච්ඡුා කරන බවද එජාපයේ එම නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!