Gossip

සජිතගේ පෙම්වතිය බුවිනිගේ ඩීවීඩී පටයකින් වෙච්ච පලහිලව්ව

සජිත අනුත්තරගේ පෙම්වතිය ගැන වගේම එයාලගේ විවාහ උත්සවය ගැනත් බොහෝ කාරණා මේ වෙනකොට ඔයාලා දන්නවනේ. මේ කියන්න හදන්නේ සජිත බුවිනි ආදර කතාවේ රසවත්ම ටික ගැන.

බුවිනිට ලස්සනට නටන්න පුළුවන්. ඉතිං දවසක් බුවිනිගේ නර්තනය තිබුණ ඩීවීඩී එකක් සජිතට බලන්න ලැබෙනවා. ඒක බලපු වෙලේ ඉඳන්ම සජිත කවුද මේ බුවිනි මනීෂා කියන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. දන්නෙ නැද්ද ඉතිං හිත ගිය තැන මාලිගාව කියනවනේ. සජිත කොහොම හරි අන්තිමට බුවිනි කියන්නේ කවුද කියලා හොයාගන්නවා. එහෙම ගිහින් ඉස්සෙල්ලාම මිතුරු න්‍යායෙන් යාළුවෙලා පස්සේ හෙමීට ආදර සම්බන්ධතාවක් බවට පරිවර්තනය කරගන්නවා. එහෙම තමයි මේ කතාවෙ පළමු පරිච්ඡේදය ලියවෙන්නේ.

මේක සජිතගේ අවසාන ආදර කතාව වුණාට පළමු කතාව නෙමෙයි. පහේ පන්තියෙදි තමයි සජිතගේ හිත ඉස්සෙල්ලාම ගෑනු ළමයෙක් ළඟ නතරවෙලා තියෙන්නේ. ඒක ඉතිං ආකර්ශණයක්නේ. සාමාන්‍යපෙළ පන්තියෙදි සජිත් අප්‍රකාශිත ආදරයක් එක්ක තනියම ගනුදෙනු කරනවා. ඊටත් පස්සෙ ඉතිං ආදර සම්බන්ධතා කීපයක්ම ඇතිවෙලා නැතිවෙලා තියෙනවා. ඒ ඔක්කොම හැඟීම් අස්සේ බුවිනි කියන්නේ සජිතගේ හදවතේ ගැඹුරටම දැනෙන ආදර හැඟීම දීපු කෙනා.

එහෙම තමයි සජිත එයාගෙ ආදර කතාව කියාගෙන යන්නේ

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!