Gossip

“ඉඳලා හිටලා රතුකොඩිය වැනුවේ නැති වෙලාවට උන්ගෙ ගාණ ගහගෙන මැච් එකක් දිනයි.. එ් වෙලාවට උඹළටත් උන්ට වැඩිය එවුන් නෑ” – අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මැච් විකුණන හැටි හෙළි කරයි

ක්‍රිකට් නිසා ශ්‍රී ලංකාවේ නම ලෝකයම දැනගත්තා.
ක්‍රිකට් ගහන පුංචි රට කිව්වමයි අපේ රට දන්නේ නැති සුද්දොත් දැනගන්නේ.
ඒත් ආසියානු කුසලානයේදී අපේ රට ඇෆ්ගනිස්ථානයටත් පැරදුනා.
අපේ ක්‍රීඩකයෝ බුකීකාරන්ට හසුවෙලා කියලා මේ දවස්වල අන්තර්ජාලය පුරාම පැතිරෙනවා.
ඒ ගැන 80 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතුර සමරසේකර සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
මේ එම සටහනයි..

හතුරුසිංහය හොඳ කෝච්

ඒක ඌ ගිය හැම තැනකම
පෘෘව් කරල තියෙන්නෙ
ආයේ දෙකක් නෑ …

හැබැයි හතුරුසිංහය තියා හතුරුසිංහයගෙ
හත්මුතු පරම්පරාවම ආවත්..

ඔය බයින් ඇන්ඩ් සෙලින් කාරයෝ ටික ඉන්‍නකං අපි මැච් දිනන්නෙ නං නෑ …

ඒක සක්සුදක්සේ පැහැදිලියි

ඉඳල හිටල රතුකොඩිය වැනුවෙ නැති වෙලාවට උන්ගෙ ගාණ ගහගෙන
මැච් එකක් දිනයි …

එ් වෙලාවට උඹළටත්
උන්ට වැඩි එවුන් නෑ …

උඹළත් එක එකාගෙ
ගම් පළාත් විතරක් නෙවේ
ඉස්කෝලේ ධර්ම චක්‍රෙ කැරුසියෙ
අඩ සඳේ ඉඳලා බෙදිලා
ඌව බදාගෙන එක එකාට
ඔච්චම් කරගන්නවා …

හැබැයි ඌ ගාණ ගහන්නෙ
වෙන මක්කටවත් නෙවි
උගෙ ප්ලේස් එක තියා ගන්නයි
උඹළ ඉඳහිට හරි පිනවනලා
ෂේප් වෙන්නයි කියල උඹළට නොතේරුණාට හුඟක් උන්ට තේරෙනවා.

අපිට දිනන්න ඕනෙ නං ඉස්සෙල්ලම දණ්ඩ නීති සංග්‍රහයෙ අළුතෙන් නීති හදල සම්මත කරලා…

ඔය මැච් විකුණන එවුන් ටික
ඇතුලට යවන්‍න ඕනෙ ආයෙත්
ගේමට බහින්න බැරිවෙන්නම …

ෆස්ට් ඔෆ් ඕල් …

බයින් ඇන්ඩ් සෙලින්
කරන ලෙජන්ඩ්ල දෙන්න ඇතුලට..

උන් තමයි ලොකුම විෂබීජ …
උන්ට පොඩි එකෙක් දකින්න බෑ …

උන් ඉන්නෙ නං නිකං
අපි මැච් විකුනනව වගේ..

දෙවෙනියට හාල්මැස්සො ටික …

හාල්මැස්සො ගැන දුක තමයි …
ඒත් උන් දැන් අහුවෙල අහවර නිසා
උන්ට නෝ චොයිස් …

කියන විදියට වැඩ නොකලොත්
පවුලම අනතුරේ..

ඉතින් හොඳම වැඩේ
උන් ටිකත් පැන්ෂන් යවල …

අළුත් සෙට් එකක් ඔතනට
නොයන්න හදාගන්නයි …

නීති තද කරලා අත්ත පනත්තගෙ ඉඳලා වැරදියට හම්බ කරපුව රාජසන්තක කලාම උන්ටික යහ මග යයි …

නැතිනම්
අපේ ක්‍රිකට් ගොඩ ගන්නව බොරු …

බහුජාතික බූවල්ල
අපේ ආර්ථිකය බැඳ ගත්තා වගේ
ඉන්දියාවෙ බුකි බූවල්ලො ටික
ක්‍රීඩාවත් ගිලගෙන හමාරයි …

සුද්දෙ පටන් ගන්න ඕනි
මහ එකාගෙ ඉඳලා …

උඹළා නොදන්නවට
ඔතන ඩූ ඕ ඩයි ගේමක් යන්නෙ …

මටත් මොන හෙන ගෙඩියක් පාත් වෙයිද දන්නෑ මුහුණුපොතේ මේවා ලියලා..

ඒත් බං මක් කරන්නෙයි …
හිතේ වේදනාවට..
ඕව තද කරගෙන හාට් ෆෝලියර් කරගන්නවට වඩා හොඳයි
කියල දාන එක …

මගේ වගේම හුඟක් උන්ගෙ
ලේ දහඩිය කඳුළු ඔතන තියෙනව …

ඒෂියා කප් විතරක් නෙවි
වර්ල්ඩ් කප් හිටං ගහල …

හතර වටේටම වර්ල්ඩ් රෙකෝඩ් තියලා
හැම එකාටම අමතක නොවන ගේම් දීලා
බැට් පිත්තෙනුයි පන්දුවෙනුයි කොහොමෙන් කොහොම
පුරාජේරු ගහපු රටක්ද බං
සිරි ලංකාව කියන්නෙ …

****

එකදාස් අටසිය ගනන් වල ඉඳල
අපේ නිර්භීත මුතුන් මිත්තො
ත්‍රිවිධ හමුදාව පොලෝසිය
සුද්දගෙ බයිනෙත්තුවට නැතිනම් ත්‍රස්තවාදියගෙ බෝම්බෙට
උණ්ඩෙට පපුව දීලා ලේ හැලුවා
රත්තරං රටක් වෙනුවෙන් …

එහෙව් මුතුන් මිත්තො උපන් රටක මෙහෙව් උන් ඉපදිල ඉන්නව
කියන්නෙ බං ….

මයෙ අප්පේ… ඒ….

ඉතිං හිතා ගනිල්ලකො මැච් විකුණන අමන රැල කොතනද ඉන්නෙ කියල …

උන්‍ ඉන්නෙ අර උත්‍තමයන්‍ලගෙ
අසූචිවලටත් යටින් …

ඔය ඉතිං මට හිතෙන හැටි …

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!