Gossip News

සංශෝධනය වූ ඉන්ධන මිල මෙන්න..

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වලට අනුව සෑම මසකම මිල සුත්රපයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ ඉන්ධන මිළ,

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 2 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඔටෝ ඩීසල්වල මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කරනැති බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 163 ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 134 කි.

මේ අතර ලංකා අයි .ඕ .සි සමාගම ද අද(14) සිට ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ද ඉහල දමා තිබෙනවා.

මිල සංශෝධනයට අනුව අයි.ඕ.සි සමාගමේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රංල් ලීටරයක නව මිල රුපියල් 166 වනවා.

සුපිරි ඩීසල් ලිටරයක නව මිල රුපියල් 134 බව ලංකා අයි.ඕ.සි සමාගම සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩිසල් මිලෙහි සංශෝධයක් සිදු කර නොමැති බව ද අයි.ඕ.සි සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!