තරු හුට පට

සංගීත් උදාරීත් හොර රහසෙම අතිනත්ගෙන

සංගීත් සතරසිංහ හා උදාරී කෞෂල්‍යා කිව්වාම මේ නම් දෙක ඔයාලට සමහර වෙලාවට හොඳට අහලා පුරුදු ඇති. අහලා පුරුදු ඒ නම් දෙක මෙහෙම ඇහුවොත් නම් ඔබට කොහොමත් අමතක වෙන එකක් නෑ. ඒ දෙරණ රූපවාහිනියේ අත්තම්මා (මලී 2) නාට්‍යයේ සාරධී හා ධාරක විදියට.

මේ දෙන්නා අත්තම්මා (මලී 2) නාට්‍යයේ තරුණ පෙම්වතුන් යුවළ‍කගේ ලොකුම හීනය හැබෑ කරගන්න උත්සාහ කරනවා. ඒ තමයි එකම වහලක් යටට වෙලා ආදරයෙන් ජීවත් වෙන්න. ඒත් ඒකට මේ දෙන්නාගේ ගෙවල් වලින් නම් කො‍හොමත් ඉඩක් ලැබෙන්නේ නෑනේ.

ඒත් බලන්න..සාරධීත් ධාරකත් මලී 2 නාට්‍යයේ දකින හීනය ගල්කිස්ස බර්ජයා හෝටලේදී ඊයේ හැබෑ කරගත් හැටි. ඒ කියන්නේ ඒ දෙන්නා විවාහ ගිවිස ගෙන. ඒ උත්සවයත් බොහෝම චාම්ව තිබුණ බවයි අපිට ආරංචි‍.
කොහොම වුණත් මලී 2 නාට්‍යයේ රඟපාන්න ආපු ගමන් ‍ඇති වුණ ආදරය තමයි දෙන්නාගෙම මෙහෙම හැබෑ වුණේ. සංගීත්ටත් උදාරිටත් අපි යහපත් යුගදිවියකට සුබ පතනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!