තරු හුට පට

අත්තම්මා දීගෙක යයි…..

මැයි මාසය කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නළු නිළියන්ට මංගල සීනු හැඬ වූ මාසයක්නේ

ඉතින් මේ නළු නිළියන් අතරින් දෙරණ නාලිකාවේ විකාශය වු “මලී ” ‍ටෙලි නාට්‍යයේ සහ මේ වන විට විකාශය වන “අත්තම්මා” ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වන නිළියන් තුන් දෙ‍නෙක් විවාහ ජීවිත වලට ඇතුළු වුණා සහ ඒම ජීවිතයට සුදානම් වෙමින් මේ දවස්වල සිටිනවා.

“අත්තම්මා” ටෙලි නාට්‍යයේ රංගපාන උදාරී කෞෂල්යා සහ ජනප්‍රිය නළුවෙක් වන සංගීත් පසුගිය දිනක විවාහ ගිවිසගත්ත‍ා කියලා අපි ඔයාලට කිව්වානේ.

ඒ විතරක් නෙවෙයි “අත්තම්මා” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින්ද මේ දිනවල දුලිකා ප්‍රේක්ෂක සිත් දිනාගෙන තියෙන්නේ.

ඉතින් දුලිකාගේ පෙම්වතා සම්බන්ධයෙන් පසුගිය දවස්වල දෙරණ වෙබ් ගොසිප් වෙතින් මුළු රටටම හෙළි කළා‍නේ.‍

මේ වෙනකොට අපිට ලැබිලා තියෙන අලුත්ම ආරංචිය තමයි දුලීකයි, එයාගේ පෙම්වතා සුජීවයි අතිනත් අරගෙන කියන එක.

කොහොම වුණත් මේ කටයුත්ත ලොකුවට කරලා නම් ‍නෑලු.

බොහෝම චාම් විදියට තමයි මේ කටයුත්ත දුලිකායි සුජීවයි කරලා තියෙන්නේ.

කොහොම වුණත් දෙරණ වෙබ් ගොසිප් වෙතින් දුලිකාටයි, සුජීවටයි සුබ පතනවා ඔවුන්ගේ ඉදිරි අනාගතයට.

මේ දේවල් මෙහෙම වෙද්දී දෙරණ නාලිකාවේ විකාශය වු “මලී” ටෙලි නාට්‍යය ඔයාලට මතක ඇතිනේ.

එම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් රංගනයෙන් දායක වූ සමාධි අරුණචායා ලබන 16 වන දින විවාහ වෙන්න මේ දිනවල සුදානම් වෙමින් ඉන්නවා කියලා දෙරණ වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

ඉතින් දෙරණ නාලිකාවෙන් විකාශය වු “මලී” ටෙලි නාට්‍යයේ සහ එම ටෙලි නාට්‍යයට සමාගාමීව මේ දිනවල විකාශය වන “මලී2 ” එනම් “අත්තම්මා” ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වූ රංගන ශිල්පිණියන්ට එකම මාසයක් තුළ මංගල සීනු හැඬවෙන එක ගැනනම් අපිටත් එක්තරා විදියට ආඩම්බරයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!