Gossip

ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු කොරියාවේදී සිදුකළ සමූහ දූෂණයක සුලමුල වසර 19කට පසු හෙළිවෙයි

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සම්බන්ධ බව කියන මීට වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

1998 වසරේ කොරියාවේ ගුමා අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි වයස අවුරුදු 18 ක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ යට ඇඳුම් හමුවී ඇත්තේ, ප්‍රදේශයේ වෙනත් ස්ථානයක තිබියදීයි.

කෙසේවෙතත් එම අවස්ථාවේ ඇයගේ ඇඳුම්වල තිබූ පැල්ලම් හඳුනා ගෙන එම පැල්ලම් ආශ්‍රයෙන් DNA ආකෘතියක් ලබාගැනීමට කොරියානු බලධාරින් පියවර ගෙන තිබිණ.

නමුත් එම DNA කවරෙකුගේ දැයි හඳුනා ගැනීමට එම අවස්ථාවේ කොරියානු බලධාරින්ට නෙහැකි වී ඇති අතර කෙසේ වෙතත් එම DNA ආකෘති ගබඩාකර තැබීමට කොරියානු බලධාරීන් ක්‍රියා කර ඇත.

ඊට වසර 12කට පසු එනම් 2010 වසරේදී යළිත් කොරියාවේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයෙකු වෙනත් බාල වයස්කාර දැරියකට අතවර කිරීමේ සිද්ධියකට අදාළව එරටදී අත්අඩංගුවට පත්ව ඇත.

කොරියානු බලධාරනී ඊට එකී සැකකරුගේ ද DNA සාම්පලයක් ලබාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ, එම DNA, 1998 වසරේ දූෂණයට ලක්වූ තරුණියගේ ඇඳුම්වල තිබූ DNA සාම්පල සමග සැසදෙන බවයි.

එසේම අදාළ වැරදිකරු සහ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර ඇති බවට ඒ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

කොරියානු නීතිය අනුව ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි කාලසීමාව වසර 10කි.

ඒ වන විට එම වසර 10ක කාලය ඉක්මවා ඇති බැවින් තේගු අධිකරණය එම නඩුව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසෙක්ර මහතා පැවසුවේ, කොරියානු බලධාරීන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!