Gossip News

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චිනයට පැමිණි 23 දෙනෙකුට කොරෝනා

චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් මාසයකට අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව Xinhua වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙලෙස තාවකාලික ගුවන් සේවා තහනමක් පැනවීමට තීරණය කොට ඇත්තේ ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කිරිමත් සමගයි.

මිට අමතරව තවත් ගුවන් සේවා දෙකක ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාළනාධිකාරිය තීරණය කොට ඇති බවයි Xinhua පුවත් සේවය නිවේදනය කර සිටියේ.

අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට  පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!