Gossip

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු පුටු වෙනස් වෙයි – සියලු තොරතුරු මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (03) රැස් වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනස්කම් සිදුව තිබෙනවා.

මෙම තනතුරු තාවකාලික පත්කිරීම්ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා වශයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ජාතික සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.

තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමට වුණි.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනිමට පසුගිය 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

මේ අතර තාවකාලික භාණ්ඩාගාරිකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පත් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!