Gossip

“ගෙවෙන හැම මොහොතක්‌ ගැනම සතුටින් හිතන්න ඕනෑ” උමාලි තිලකරත්න අලුත් ජීවිතය ගැන හඬ අවදි කරයි

මෙවර පැවැති දෙරණ සන්සිල්ක්‌ සිනමා සම්මාන උළෙලේදී උමාලි තිලකරත්න දෙවතාවක්‌ අගැයීමට ලක්‌වුණා.
ඒ ගැන උමාලි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

උමාලිට දෙරණ සන්සිල්ක්‌ සිනමා සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය මෙවර හිමිවුණා. මොකද හිතෙන්නේ ?
මා ක්‍ෂේත්‍රයේ මට සම්මානයක්‌ ලැබුණ පළමු අවස්‌ථාව තමයි මේක. ඒක ජනතාවගේ සම්මානයක්‌වීම සුවිශේෂයි. මෙච්චර කාලයකට මට ජූරියකින් සම්මාන හිමිවෙලා තිබුණාට ජනතාව විසින් ලබාදෙන සම්මානයක්‌ හිමිවුණේ පළමු වතාවට.

ඒත් එක්‌කම ඔබට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබෙනවා නේද?
ඒක විශේෂ වෙන්නේ ආකාර දෙකක සම්මාන දෙකක්‌ හින්දා.
ජූරියේ ඇහින් දැකලා ඔවුන්ගේ ඇගයීමට ලක්‌වෙන්න තරම් මම භාග්‍යවන්ත වුණා. හැබැයි ඒ සම්මාන දෙක ගැන පොඩි දෙයක්‌ කියන්න ඕනෑ.

ඒ මොකක්‌ද?
සම්මානයකට අපි රංගනයෙන් දායකවෙනකොට අපිට තනියෙන් රංගනය කියන කාර්ය සම්පූර්ණ කරන්න බැහැ.
ඊට සියලුදෙනාගේ සහයෝගය ලැබිය යුතුයි. ඉතිං මට ඒ වෙනුවෙන් සියලුදෙනාගෙන්ම සහයෝගය ලැබෙනවා.

එකම සම්මාන උළෙලේ දෙවතාවක්‌ ඇගයීමට ලක්‌වීම ගැන සතුටුද?
ඔව්. ජනප්‍රිය තලයේ සම්මානයක්‌ සහ දක්‍ෂතාවයට හිමි සම්මානයක්‌ ලැබීම ගැන ආපහු හැරී බැලුවොත් රංගන කටයුතුවලදී මට ලැබුණ අවස්‌ථාවන් ගැන මම සතුටුවෙනවා.

සම්මානය ලබාගෙන ඔබ කළ ප්‍රකාශය ගැන ගොඩක්‌ දෙනෙක්‌ කතාබහවෙනවා ?
සම්මාන උළෙලට සහභාගිවුණේ සම්මාන බලාගෙන නෙමෙයි. ඒ වෙලාවේ මට අවංකව දැනුන දෙයක්‌ තමයි මට පුළුවන් විදිහට සභාවක්‌ ඉදිරියේ ඉදිරිපත් කළේ.
ඒ ගැන මිනිස්‌සු කොයිවිදිහට කතාවෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට හැඟුණ දේ ඒ අවස්‌ථාවේ අවංකව ඉදිරිපත් කළා කියලයි මට හිතෙන්නේ.

පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?
අවුරුදු එකහමාරක වගේ කාලයක්‌ මම ලංකාවේ රැඳුණේ නැහැ. ඒ වුණාට මම දායකවුණ නිර්මාණ එළිදැක්‌වුණා. ඒවා නරඹලා මිනිස්‌සු මගේ රංගනය විඳලා තිබුණ හින්දා වෙන්න ඕනෑ මේ සම්මාන මට හිමිවුණේ.

මෑත කාලයේ ඔබ හරි නිහඬ චරිතයක්‌. ඇයි ඒ ?
සමාජය මාව දන්නේ රංගන ශිල්පිණියක්‌ හෝ කලා ශිල්පිණියක්‌ විදිහටනේ. ඉතිං මෑත කාලයේ කියන්නේ මේ අවුරුද්දේ අලුත් නිර්මාණවලට නම් සහභාගි වුණේ නැහැ. ගිය අවුරුද්ද පුරාවටම සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා මාව දකින්න ලැබුණා. ඊට අමතරව මට කාලය ඕනෑවුණා මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්. රඟපෑම හරහා මම නිහඬ නෑ.

පසුගිය දවස්‌වල වැඩිපුර නිර්මාණවලට දායකවුණේ නැහැ නේද?
නැහැ.

ආරාධනා ලැබුණේ නැතිද?
ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. අනික මම ගිය වසරේ ව්‍යාපාර කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට විදෙස්‌ගතවෙලයි හිටියේ.

නිළියක්‌ විදිහට සාර්ථකයි කියලා හිතනවාද?
මම රංගනයට එන්නේ අහම්බයෙන්. එතැනදී මට තේරෙනවා මේ වෘත්තියට සාධාරණයක්‌ කරන්න ඕනෑ නම් ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් හැදෑරීමක්‌ කළ යුතුයි කියලත්. ඒ හින්දා තමයි ජපානයේ අවුරුදු හතරහමාරක කාලයක්‌ ගත කරලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමක්‌ සිදුකරන්නේ. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

උමාලි ඇයි මේ මාධ්‍ය ඉදිරියට වැඩිපුර එන්නේ නැත්තේ ?
මාධ්‍ය ඉස්‌සරහට නෙමෙයි රංගන ශිල්පිණියක්‌ විදිහට කැමරාවට ඉදිරියට තමයි යන්නේ.

ගෙවී ගිය කාලය ගැන ආපහු හැරී බැලුවොත් ?
ගෙවෙන හැම මොහොතක්‌ ගැනම සතුටින් හිතන්න ඕනෑ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්‌. මොහොතින් ඉපදීලා මොහොතකින් නැතිවෙන දෙයක්‌.
ඒ ධර්මතාවය දකිමින් ජීවත්වෙද්දී ගෙවිච්ච දශක තුනක කාලයේ මම මුහුණ දුන්න අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්‌ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න හැම අත්දැකීමක්‌ම පිටිවහලක්‌ වුණා.
ශක්‌තියක්‌ වුණා. හැමදෙයක්‌ ගැනම මම හිතන්නේ හරිම උපේක්‍ෂාවෙන් සහ සතුටකින්.

ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?
නැහැ. කිසිම පසුතැවීමක්‌ නැහැ.

නිහඬවීම නිසා නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ. ඒක අපරාධයක්‌ නේද?
මම කොහොමත් හැමදාම පෙනී හිටපු කෙනෙක්‌ නෙමෙයි. කැමරාවක්‌ ඉදිරියට මාව මුලින්ම තෝරාගන්නේ උදයකාන්ත මහත්මයා. මේ අතරතුර විවේක කාල ඕනෑතරම් තිබුණා. නිහඬයි කියන්නේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැති නිසා වෙන්න ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!