Gossip

වෛද්‍යවරයකුගේ නිවසෙන් බිළිදු මළසිරුරු 2246 සොයා ගැනේ – වීඩියෝ

පසුගියදා මියගිය අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකුගේ නිවසේ තිබී බිළිඳු මළසිරුරු කොටස් 2246 ක් සොයා ගෙන තිබෙනවා. මියගිය වෛද්‍යවරයාගේ අවමඟුල් උත්සවයෙන් පසු ඔහුගේ ඥාතීන්ට පොලිතින් උරවල බහාලූ බිළිඳුන්ගේ මළ සිරුරු කොටස් කිහිපයක් හමුවී තිබෙන අතර පසුව ඇමරිකානු පොලිසියට දන්වා සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ ඉඩමේ තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගෙන තිබෙනවා.

අල්රික් කොෆර් නමැති මෙම වෛද්‍යවරයා ගබ්සා කිරීම් සිදු කරන වෛද්‍යවරයෙකු වන අතර ඔහු ඇමරිකානු නීතියට අනුකූල ගබ්සා කිරීම් සිදු කරන්නෙකු ලෙස ලියාපදිංචිව සිටි අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳන් කරන්නේ . කොහොම වුණත් 2015 කාල වකවානුවේදී කාල සීමාවන් ඉක්මවූ වැඩුණු කළල නීති විරෝධී ලෙස ගබ්සා කරන්නෙකු බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

මේ හේතුවෙන් එරට වෛද්‍ය සභාව එම වෛද්‍යවරයාගේ ලියාපදිංචිය අවලංගු කර දඩුවම් ලබාදී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුට වසර 3 කට වැඩි කාලයේ රජයේ රැකියාව අහිමි වී තිබුණා. කෙසේ වෙතත් ඔහු මෙම කාලය තුළ සිය නිවසේ සිට නීති විරෝධී ගබ්සා කර ඇති බව මෙලෙස හමුවූ බිළිඳ මළසිරුරු කොටස් වලින් තහවුරු වන බවයි සඳහන් වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!