හිටපු එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්රභාකරන්ට ඔහුගේ පවුලේ උදවියට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බොහෝ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් කනකසුන්දරම් මයිලේරුම්පෙරුමාල් වෛද්‍යවරයා 9 දා යාපනයේ වැල්වෙටිතුරෙයි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් තිබෙනවා.
1997 සිට 2013 දක්වා කාලය තුළ ඔහු කිළිනොච්චියේ සේවය කොට ඇති අතර ඊට පෙර යාපනයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට ඇති අතර ප්රභාකරන්ගේ උපන්ගම වූ වැල්වෙටිතුරේ ගම්මානය මේ වෛද්‍යවරයාගේ ද උපන් ගම වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ප්රභාකරන්ගේ පවුලේ උදවිය සමග මොහු ඉතා සමීප වෛද්‍යවරයෙකු වීම නිසා ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී නායකයා විසින් ද ලබාගෙන තිබෙනවා.
වරක් ප්රභාකරන් විසින් රාජකීය වෛද්‍යවරයා වශයෙන් මොහුව හඳුන්වා මොහුට පදක්කම් පිරිනැමීමක් ද සිදු කොට ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය වෛද්‍යවරයාගේ දේහයට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් යන අය ද අවසන් ගෞරව දක්වා තිබෙනවා.