Gossip

විශ්වාසභංගය පරාදයි

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරහ ගිය විටදී ඔවුන් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනඑන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන බව කියන මෙම විශ්වාසභංග යෝජනාව පරදින බව තමාට විශ්වාස යැයිද සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසනවා.

මෙම විශ්වාසභංග යෝජනාව ඊර්ෂ්‍යාවෙන් හා දැඩි වෛරයෙන් යුතුව ගෙනෙන එකක්‌ බවද පැවැසූ ඇමැතිවරයා ඔය විශ්වාසභංග යෝජනාව ගෙනෙන තෙක්‌ බලා සිටින බවද කියා සිටියේය.

විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්දයේදී විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබෙනු ඇති බවත්, වැඩි ඡන්ද 44කින් විශ්වාසභංග යෝජනාව පරාජය වනු ඇති බවත් ඇමැති ජෝන් අමරතුංග මහතා කියා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!