Gossip

විශ්වාසභංගය අවසානයේ ගහමරාගෙන – එජාපයේ පිරිසක් රොහල් ගත කරයි

විශ්වාස භංග යෝජනාව ජය ගැනීමේ ප්‍රීතිය සැමරීමට ගිය එක්සත් ජාතික පාක්ෂිකයින් තිදෙනෙකු කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව උඩප්පුව පොලීසිය පවසනවා.

සිද්ධියෙන් මෝටර් රථයකට සහ යතුරු පැදියකට හානි සිදුවී තිබෙනවා.

මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් දෙදෙනෙකු හලාවත මහ රෝහලට ද, තවත් පුද්ගලයෙක් උඩප්පුව ග්‍රාමීය රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමඟ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයකුගේ ආධාරකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් විනෝද වෙමින් සිටින අතරතුර ගැටුම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!